පාසලක් කම්පා වෙයි - පාසල් දරුවන් ගෙන ගිය ත්‍රීරෝද රථයකට වන අලි ප්‍රහාර - දරුවන් දෙදෙනෙකු රෝහලේ
ගිරාඳුරුකෝට්ටේ, මෛත්‍රීගම ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් රථයට දැඩි හානි සිදුව තිබෙන බව වාර්තා වේ.
එසේම එහි ගමන් ගත් එකම පවුලේ පාසල් දරුවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන්.
එමෙන්ම අනතුර සිදුවූ අවස්ථාවේදී අදාළ ත්‍රිරෝද රථය දරුවන්ගේ මව විසින් පදවා තිබෙන අතර, හදිසියේ මාර්ගය හරහා පැමිණි වන අලියා ත්‍රිරෝද රථය ඉලක්ක කර ප්‍රහාර එල්ල කර තිබෙන බව පවසයි.
කෙසේ වෙතත් වන අලි ප්‍රහාරයෙන් ත්‍රිරෝද රථයට බරපතළ හානි සිදුවී තිබෙන අතර, සුළු තුවාල ලැබූ දරුවන් දෙදෙනා වහාම ගිරාඳුරුකෝට්ටේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත. එසේ තුවාල ලබා ඇත්තේ හොබරියාව, ජයන්තිපුර පදිංචි එකම පවුලේ සහෝදර සහෝදරියන් දෙදෙනෙක්.
බෙංගාල බොක්ක කැළඹෙයි - තවත් ප්‍රබල සුළි කුණාටුවක් - අද මධ්‍යම රාත්‍රිය සහ හෙට පාන්දර වෙනකල් වෙන්න යන දේ
ගිරාඳුරුකෝට්ටේ මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති සමන්ත බුද්ධික රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ ගිරාඳුරුකෝට්ටේ සහ ඒ අවට ප්‍රදේශවල නිරන්තරයෙන් සැරිසරන වන අලින් පිළිබඳව වගකිවයුතු බලධාරීන් කොතෙකුත් දැනුවත් කළ ද, ඊට නිසි ස්ථිරසාර විසඳුමක් ලබාදීමට අපොහොසත් වීම පිළිබඳව තමන් දැඩි කලකිරීමට පත්ව සිටින බවයි.
එමෙන්ම පාසල් වත්ත තුළ පවා දිනපතා වන අලින් සැරිසරන බව පෙන්වා දෙන විදුහල්පතිවරයා, උදෑසන කාලයේදී පන්ති කාමර ආසන්නයේම වන අලින් ගැවසෙන අයුරු නිරන්තරයෙන් දක්නට ලැබෙන බව ද කියා ඇත.
තවද පවතින මෙම අනාරක්ෂිත තත්ත්වය හමුවේ වන අලි උවදුර පාලනය කිරීමට කඩිනම් පියවර නොගතහොත්, මෙම අලි ගැවසෙන කාලසීමාව (අලි සීසන් එක) අවසන් වීමට ප්‍රථම පාසල් දරුවෙකුගේ හෝ ගුරුවරයෙකුගේ වටිනා ජීවිතයක් අහිමි වීමේ බරපතළ අවදානමක් පවතින බව ද විදුහල්පතිවරයා දැඩි අවධාරණය කර ඇති බව සඳහන්.