රජයෙන් විශේෂ දැනුම්දීමක් - වගා නොකරන රජයේ බදු ඉඩම් යළි පවරා ගැනීමට තීරණයක්

Report

කෘෂිකාර්මික කටයුතු සඳහා බදු පදනම මත ලබා දී ඇති නමුත් වගා නොකර පවතින ඉඩම් යළි රජයට පවරාගෙන, ඵලදායී කෘෂිකාර්මික ව්‍යාපෘති සඳහා යොදාගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා උපදෙස් ලබාදී තිබේ.

රජයේ කෘෂිකාර්මික ඉඩම් විවිධ වගා ව්‍යාපෘති සහ ආයෝජන සඳහා පුද්ගලයන්ට හා ආයතනවලට බදු පදනම මත ලබාදී තිබුණද, ඇතැම් ඉඩම් අපේක්ෂිත කාර්යයන් සඳහා යොදා නොගෙන අක්‍රීයව පවතින බවට තොරතුරු අනාවරණය වී ඇත.

ඔබේ ලක්ෂ ගාණක මුදල් අනතුරේ - මහජන බැංකුවේ සියලුම පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇගවීමක්

ඔබේ ලක්ෂ ගාණක මුදල් අනතුරේ - මහජන බැංකුවේ සියලුම පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇගවීමක්

ඒ අනුව දැනට වගා නොකරන එවැනි බදු ඉඩම් හිමියන් 135 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, බදු ගිවිසුම්වල කොන්දේසි සහ නීතිමය ක්‍රියාපටිපාටිවලට යටත්ව එම ඉඩම් යළි රජයට පවරා ගැනීමට නියමිතය.

මෙසේ යළි ලබාගන්නා ඉඩම් වගා කිරීමේ හැකියාව ඇති පාර්ශ්වයන්ගේ ඵලදායී කෘෂිකාර්මික ව්‍යාපෘති වෙත යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ. කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීම, නව ආයෝජන අවස්ථා ඇති කිරීම සහ ග්‍රාමීය ජනතාවට ආදායම් මාර්ග උදාකර දීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වේ.

නිවසට ඇතුළු වූ හොරා කාන්තාවකට ලිංගික අතවර කරලා - කාන්තාව සැමියායැයි සිතා නිදාගෙන සැකකරු සොයා විමර්ශන

නිවසට ඇතුළු වූ හොරා කාන්තාවකට ලිංගික අතවර කරලා - කාන්තාව සැමියායැයි සිතා නිදාගෙන සැකකරු සොයා විමර්ශන