‘කජ්ජා’ ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකාරියක් වන අචිනි ලංකාවට රැගෙන එයි
ජාත්යන්තර රතු නිවේදන නිකුත් කර සිටි අනුෂා ලක්මාලි නොහොත් 'අචිනි' නැමැති සැකකාරිය එක්සත් අරාබි එමීර් රාජ්යයේදී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අද (27) උදෑසන කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළ ඔස්සේ මෙරටට රැගෙන එනු ලැබීය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අරුණ විදානගමගේ නොහොත් 'කජ්ජා' සහ ඔහුගේ කුඩා දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීමේ බිහිසුණු සිදුවීමට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දීර්ඝ කාලයක සිට සොයමින් සිටි ප්රධාන සැකකාරියක් වන්නේ මැයයි.
බෙංගාල බොක්කේ 'ඔර්නබ්' සුළි කුණාටුව 'ඉතා චණ්ඩ' තත්ත්වයට - ඉන්දියාව දෙසට ගමන් කළත් ලංකාවට දැවැන්ත වැසි සහ තද සුළං
එක්සත් අරාබි එමීර් රාජ්යයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් සැකකාරිය, මෙරටින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් භාරගෙන මෙලෙස දිවයිනට කැඳවාගෙන විත් ඇති අතර, ඇයගෙන් වැඩිදුර ප්රශ්න කිරීම් සහ ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබේ.