අත්අඩංගුවට ගත් වෙළද අමාත්‍යංශයේ හිටපු ලේකම් ගාමිණී කිත්සිරි ඩයස්ට ඇප
දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ගාමිණි කිත්සිරි ඩයස් අමරවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා අද (02) දින නියෝග කර ඇත.
ඒ සැකකරුට ලක්ෂ 25 බැගින් වු ශරීර ඇප දෙකක් මතයි.
එසේම මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් ද තහනම් කර තිබෙනවා.
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ගාමිණී කිත්සිරි ඩයස් අත්අඩංගුවට - හේතුව මෙන්න
සිද්ධියට අඳාළ නඩුව කැඳවු අවස්ථාවේදි අල්ලස් කොමිසම සඳහා කරන ලද කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ නියෝග කර ඇත.
ඒ අනුව අද දින අල්ලස් කොමිසම මඟින් ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිල දී ගැනීමේ දී, නිසි ප්‍රමිතියෙන් යුතුව අවම මිල ගණන් ඉදිරිපත් කරන පුද්ගලික සමාගමකින් මිල දී නොගෙන, වෙනත් පුද්ගලික සමාගමකින් මිල දී ගැනීමට කටයුතු සැලැස්වීම තුළින් රජයට රු.7,973,114.50 ක පාඩුවක් හා බාහිර පාර්ශවයකට අයුතු සහගත වාසියක් සිදු කර "දුෂණය " නැමැති වරද සිදු කිරීම යන චෝදනාව මතයි.