ඒස්වාහ් පුහ්.. දේවාලෙ වහනව, මම දකුණෙ.. වස් කවි අස්සේ ක්රිකට්වල කොඩිවිනේ කපන්න බුකියම ලසිත් එක්ක එක්වෙයි [VIDEO]
By Kaushi
මේ දවස්වල අනවින කොඩිවින ගැන ටිකක් වැඩිපුරත් එක්ක ලංකාවේ කතා වෙනවානේ.
ඒකට හේතුව මේ දවස්වල සමාජ මාධ්ය පුරාවටම ආන්දෝලනාත්මක වස්කවියක් බව අපි කවුරුත් දන්වනේ.
හැබැයි ඉතින් එවැනි පසුබිමකත් ඊයේ මුළු ලංකාවටම සතුටු හිතෙන දවසක් වුණා.
ඒකට හේතුව අපේ සිංහ කොල්ලෝ ටික ලංකාවට ඉතිහාසගත ජයක් අරන් ආපු එක.
ඔය ඔක්කොම වෙද්දි කවදත් ලංකාවේ ක්රිකට් කියද්දි නම කියවෙන ලසිත් මාලිංග තමන්ගේ ෆේස්බුක් ගිණුමේ දාපු පෝස්ට් කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්ය පුරාම දැඩි කතාබහකට ලක් වෙලා තියෙනවා.
ලසිත් කියන විදිහට නම්,
"ඒස්වාහ් පුහ්😁
දේවාලෙ වහනව, මම නිදියනව, මම දකුණෙ🙂"
මොනවා වුණත් ලැබුණු ජය ගැන ආඩම්බර වෙන ලාංකිකයන්ට ලසිත් කල් තියා ආරාධනයක් කරන්නත් අමතක කරලා නෑ.
ඒ, අද දවල් 1ට තරඟය ආරම්භ වීමට පෙර කොඩිවිණය කපන්න එකතුවෙන්න.
ක්රිකට් වලට ආදරේ TikTok කරන අය creative විදියට කොඩිවිණය කපමු 🙈 යනුවෙන්.
අඳාළ සටහන් පහතින් උපුටා දක්වා ඇත,