වැල්ලම්පිටියේ ෂෙරන් ඝාතනය කර සිරුර පුළුස්සා ගඟට දැමූ සැකකරුවන් 04 දෙනා රක්ෂිත බන්ධනාගාරයට

Report

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි කුලන්දෙයි ජේසු ෂෙරන් නැමැති තරුණයා ඝාතනය කර සිරුර පුළුස්සා, අස්ථි කොටස් කැලණි ගඟට දැමූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා ලබන නොවැම්බර් 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අද (02) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත. 2025 ඔක්තෝබර් 14 වැනිදා තරුණයා අතුරුදන්වීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය මූලික විමර්ශන ආරම්භ කළ අතර, පසුව වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වෙත පවරනු ලැබීය.

මුළු දිවයිනටම වලංගු වන පරිදි - අද පස්වරු 1න් පසු කාලගුණය

මුළු දිවයිනටම වලංගු වන පරිදි - අද පස්වරු 1න් පසු කාලගුණය

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ 2025 ඔක්තෝබර් 11 වැනිදා සිය නිවසින් පිටත්ව ගිය ජේසු ෂෙරන් සේදවත්ත ප්‍රදේශයේ පිහිටි මිතුරෙකුගේ වාහන අලුත්වැඩියා ස්ථානයකදී මත්පැන් පානය කරමින් සිටියදී ඇති වූ බහින්බස්වීමක් මුල් කරගනිමින් මෙම ඝාතනය සැලසුම් කර ඇති බවයි.

ඝාතනයෙන් පසු සිරුර කිරිඳිවැල පැපිලියවල ප්‍රදේශයේදී පුළුස්සා, අස්ථි කොටස් කොස්ගම රංවල පාලම අසලින් කැලණි ගඟට දමා ඇති බව පොලීසිය පවසයි.

නිවසට ඇතුළු වූ හොරා කාන්තාවකට ලිංගික අතවර කරලා - කාන්තාව සැමියායැයි සිතා නිදාගෙන සැකකරු සොයා විමර්ශන

නිවසට ඇතුළු වූ හොරා කාන්තාවකට ලිංගික අතවර කරලා - කාන්තාව සැමියායැයි සිතා නිදාගෙන සැකකරු සොයා විමර්ශන

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සොයාගත් තොරතුරු මත පැපිලියවල ප්‍රදේශයෙන් අස්ථි කොටස් ඇතුළු නඩු භාණ්ඩ කිහිපයක් සොයාගෙන ඇති අතර, නාවික හමුදා කිමිදුම් නිලධාරීන්ගේ සහාය ඇතිව ගඟේ ද පරීක්ෂණ සිදුකර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ අවුරුදු 29, 32, 37 සහ 46 වයස්වල පසුවන වැල්ලම්පිටිය සහ අගලවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් සිව්දෙනෙකි.