පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනමට එරෙහි පෙත්සම හෙට කැඳවීමට නියෝග

Report

කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ගොනු කර ඇති රිට් පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා හෙට (03) දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (02) කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර චමින්ද කුලරත්න මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ වැඩිදුර කරුණු දැක්වීම හෙට දිනට නියමිතව තිබීම හේතුවෙන්, නඩුව හෙට දින යළි කැඳවීමට අධිකරණය තීරණය කළේය.

ඔබේ ලක්ෂ ගාණක මුදල් අනතුරේ - මහජන බැංකුවේ සියලුම පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇගවීමක්

ඔබේ ලක්ෂ ගාණක මුදල් අනතුරේ - මහජන බැංකුවේ සියලුම පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇගවීමක්

මුළු දිවයිනටම වලංගු වන පරිදි - අද පස්වරු 1න් පසු කාලගුණය

මුළු දිවයිනටම වලංගු වන පරිදි - අද පස්වරු 1න් පසු කාලගුණය