අමෙරිකාවේ ගුවන් අනතුරක් - හදිසි තත්ත්වයක් මතුවෙයි - පුද්ගලයින් 9ක් මරුට [VIDEO]

Report

ඊයේ (01) පස්වරුවේ අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් බීච් ප්‍රාන්තයේදී Learjet වර්ගයේ පෞද්ගලික ජෙට් යානයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බහමාස් දූපත් වෙත ගමන් කරමින් තිබූ මෙම යානය අනතුරට ලක්වීමෙන් පසු ගිනිගෙන පුපුරා ගොස් ඇති බවයි.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ අනතුරට පත්වූ යානයේ සිටි පුද්ගලයින් නවදෙනාගේ අනන්‍යතාව මෙතෙක් හෙළි කර නැති අතර, එම පිරිස අතර මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් කොපමණ සංඛ්‍යාවක් සිටියේද යන්න ද බලධාරීන් මෙතෙක් තහවුරු කර නැති බවයි.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙතින් විශේෂ නිවේදනයක් - ගෑස් මිල ඇතුළු කරුණු රැසක් ගැන ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම වෙතින් විශේෂ නිවේදනයක් - ගෑස් මිල ඇතුළු කරුණු රැසක් ගැන ලිට්‍රෝ අලෙවි නියෝජිතයන්ට දැනුම්දීමක්

අනතුරෙන් යානයේ සිටි කිසිවෙකුට අමතරව භූමියේ සිටි පුද්ගලයින් කිසිවෙකු මියගිය බවට වාර්තා වී නොමැති බව ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, අනතුර සිදුවූ ස්ථානය අවට විශාල ප්‍රදේශයක යානයේ සුන්බුන් විසිරී ඇති බව ද ඔහු පවසා ඇත. අනතුර හේතුවෙන් භූමියේ සිටින පුද්ගලයින් 600කට පමණ නවාතැන් පහසුකම් අවශ්‍ය වී ඇති බව ප්‍රාන්ත නිලධාරියෙකු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට - නව මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මෙන්න

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළට - නව මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් මෙන්න