විශේෂ දීපාවලි උත්සවයක් - සිකුරාදා 6.00 සිට 8.00 දක්වා කොළඹ වෙන්න යන දේ මෙන්න
ඉන්දියානු තාක්ෂණික හා ආර්ථික සහයෝගිතා (ITEC) ආදි විද්‍යාර්ථින්ගේ සංගමයෙන් සංවිධානය කරනු ලබන විශේෂ දීපාවලි උත්සවයක් "Lighting the Lamps of Prosperity for the Island" (දිවයිනට සමෘද්ධියේ පහන් දැල්වීම) යන තේමාව යටතේ එළඹෙන නොවැම්බර් 6 වැනි සිකුරාදා සවස 6.00 සිට 8.00 දක්වා කොළඹ සුදර්ශි සංගම් පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව මෙම උත්සවය වත්තල රොටරි සමාජය (දිස්ත්‍රික් 3220) සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ සහයෝගයෙන් සංවිධානය කර තිබෙනවා.
ඒ සඳහා රොටරි සාමාජිකයින්, රජයේ නියෝජිතයින්, ITEC ආදි විද්‍යාර්ථින් සහ විශේෂ ආරාධිතයින් පිරිසක් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.
මෙම උත්සවයේ අරමුණ දෙරට අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමයි.
කැරට් 24 රන් පවුමක් මේ ගාණට.. රත්තරන් ගන්න විතරක් නෙවෙයි උකස් කරන්න හිතන් ඉන්න අයත් පුදුම කළ අද රන් මිල
එසේම මෙම උත්සවයේ විශේෂාංගය වන්නේ වසර 2026 සංකේතවත් කරමින් සාමය, සමෘද්ධිය, බලාපොරොත්තුව සහ එකමුතුකම පෙරදැරි කරගනිමින් එකවර සාම්ප්‍රදායික තෙල් පහන් 2,026ක් දැල්වීමයි. අන්ධකාරය මත ආලෝකයේ ජයග්‍රහණය සහ අයහපත මත යහපතේ ජයග්‍රහණය සනිටුහන් කරන දීපාවලි උත්සවය වෙනුවෙන්, මෙහිදී සංස්කෘතික අංගයක් මෙන්ම සාම්ප්‍රදායික දීපාවලි පැණි රස බෙදාහදා ගැනීම සහ මිත්‍රශීලී හමුවක් ද පැවැත්වීමට නියමිත බව සඳහන්.
මෙම සංගමය මඥින් ඉන්දීය රජයේ ප්‍රමුඛ පෙළේ ධාරිතා වර්ධන වැඩසටහනක් වන ITEC වැඩසටහන යටතේ ඉන්දියාවේ පුහුණුව ලැබූ ශ්‍රී ලංකික වෘත්තිකයන් එකතු කරමින් ක්‍රියාත්මක වන දෙරටේ ජනතාව අතර සබැඳියාව සහ දැනුම හුවමාරු කර ගැනීම අරමුණු කර ගනිමින් විවිධ සමාජීය හා සංස්කෘතික වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.