ජෝර්දානයේ ශ්‍රී ලංකා නව තානාපති විශ්වනාත් අපොන්සු අම්මාන් නුවරදී රාජකාරි අරඹයි

Report

ජෝර්දානයේ ශ්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස පත්කරනු ලැබූ ජී. එම්. වී. විශ්වනාත් අපොන්සු මහතා අම්මාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කර තිබේ.

ජෝර්දානයට පැමිණි නව තානාපතිවරයා එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ අම්මාන් තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගනු ලැබූ අතර, ආගමික වතාවත්වලින් අනතුරුව හෙතෙම රාජකාරි කටයුතු ආරම්භ කළේය.

බෙංගාල බොක්ක කැළඹෙයි - තවත් ප්‍රබල සුළි කුණාටුවක් - අද මධ්‍යම රාත්‍රිය සහ හෙට පාන්දර වෙනකල් වෙන්න යන දේ

බෙංගාල බොක්ක කැළඹෙයි - තවත් ප්‍රබල සුළි කුණාටුවක් - අද මධ්‍යම රාත්‍රිය සහ හෙට පාන්දර වෙනකල් වෙන්න යන දේ

එහිදී කාර්ය මණ්ඩලය ඇමතූ නව තානාපතිවරයා සඳහන් කළේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික, දේශපාලනික, වෙළෙඳ සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ජෝර්දානයේ වසන ශ්‍රී ලාංකිකයින්ගේ සුබසාධනය හා අයිතිවාසිකම් සුරැකීමටත්, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමටත් සිය ධුර කාලය තුළ ප්‍රමුඛතාව ලබාදෙන බවයි.

ප්‍රවීණ වෘත්තීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන විශ්වනාත් අපොන්සු මහතා මීට පෙර (2021-2024) ඉරානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත්, ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙසත් කටයුතු කර ඇත.

ඔබේ ලක්ෂ ගාණක මුදල් අනතුරේ - මහජන බැංකුවේ සියලුම පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇගවීමක්

ඔබේ ලක්ෂ ගාණක මුදල් අනතුරේ - මහජන බැංකුවේ සියලුම පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇගවීමක්

ඊට අමතරව බංග්ලාදේශය, ඉන්දියාව, සෞදි අරාබිය සහ සිංගප්පූරුව යන රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩලවල මෙන්ම විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන තනතුරු රැසක් ද හෙතෙම හොබවා තිබේ.