දරුවාගේ ඇඟ ඇතුළේ කෑලි තියෙනවා සම්පූර්ණයෙන් අයින් කරලා නෑ.. පොලිස් වෙඩිල්ලට ලක් වූ දරුවාගේ මවගෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්
කඩවත - මහකඩේ ප්‍රදේශයේදී පොලිසියේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 16 හැවිරිදි දරුවාගේ මව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ තම දරුවාට සිදු වූ අසාධාරණයට එරෙහිව යුක්තිය ඉටු කරන ලෙසට ඉල්ලමින්.
එසේම ඉන් පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූලාස්ථානය වෙත ගොස් පැමිණිල්ලක් සිදු කිරීමට ද ඇය බලාපොරොත්තු වන බව සඳහන් කර ඇත.
මේ අතර ඇය වෙඩි වැදුණු දරුවාට සැත්කමක් සිදු කළ ද තවදුරටත් ඔහුගේ සිරුරේ උණ්ඩ කැබලි පවතින බවත් ඒ සමඟ ඔහුගේ අනාගතයට කුමක් වනු ඇද්දැයි යන ප්‍රශ්නය මතුව ඇති බවත් විමසා සිටියා.
කැරට් 24 රන් පවුමක් මේ ගාණට.. රත්තරන් ගන්න විතරක් නෙවෙයි උකස් කරන්න හිතන් ඉන්න අයත් පුදුම කළ අද රන් මිල
"මගේ දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉල්ලලා තමයි මේක කරන්නේ. උදේ ගම්පහ පොලිසියට ගියා. එතැන හිටපු මහත්වරුන් එක්ක කතා කළා. ඒ මහත්වරුන් සාධාරණ විදිහට කතා කළා. ඊට පස්සේ කඩවත පොලිසියට ආවා. එයාලා ගත්තා මගෙන් කට උත්තරයක්. කට උත්තරය අරගෙන ඉවර වුණාට පස්සේ මම කිව්වා, වෙඩි තියන්න ටී-56ක් දෙද්දී, හුරුපුරුදු කෙනෙකුට ඕනේ ඕක දෙන්න. නිකම් ආවාට ගියාට පිස්සොන්ට වෙඩි තියන්න දීලා හරි යන්නේ නැහැ. වෙඩි තියෙනවා නම් තියන්න ඕනේ රෝද දෙකට. නැත්නම් දණහිසෙන් පහළට. මේක මනුස්සයෙක් මරන්න බලාගෙන වෙඩි තිබ්බා වගෙයි. තව ටිකක් එහෙ මෙහෙ වුණා නම් මගේ දරුවාගේ ජීවිතය ඉවරයි. දැන් තියෙන ප්‍රශ්නය දරුවාගේ ඇඟ ඇතුළේ කෑලි තියෙනවා. සම්පූර්ණයෙන් අයින් කරලා නෑ. ඒ්වා කරද්දී මගේ දරුවාගේ අනාගතයට මොකද වෙන්නේ? මගේ දරුවා ක්‍රීඩා කරනවා. අංගම් පොර කරනවා. ඇත්ලටික් කරනවා. වොලිබෝල් කරනවා. ඒ්වා ඉදිරියට කරගෙන යන්න පුළුවන් වෙයි ද කියන එක මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ හැමපැත්තම බලලා මගේ ළමයා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න"