කිරිබත්ගොඩ ප්‍රකට රූපලාවන්‍ය වෙළෙඳසැලක හදිසි ගින්නක් - මහල් දෙකම විනාශයි
By Mithu
කිරිබත්ගොඩ නගරයේ පිහිටි ප්‍රකට රූපලාවන්‍ය භාණ්ඩ අලෙවිසලක අද (02) පස්වරු 5.00ට පමණ හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න හේතුවෙන් අදාළ වෙළෙඳසැලේ උඩුමහල සහ පහත මහල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව වාර්තා වේ.
ගින්න හටගන්නා අවස්ථාවේදී එම ස්ථානයේ සිටි පිරිස් වහාම ඉවත් කිරීමට කටයුතු කිරීම නිසා කිසිදු පුද්ගල හානියක් හෝ තුවාල ලැබීමක් සිදුව නොමැත.
සිද්ධිය සැලවීමත් සමඟ ක්‍රියාත්මක වූ කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් එම ස්ථානයට ළඟා වී ඇති අතර, ගිනි නිවන හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකින් පසුව මේ වන විට ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබේ.
විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගන්නට ඇති බවට සැක පළ කෙරෙන අතර, කිරිබත්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.