අමිතාබ් බච්චන් වෙඩි නොවදින වීදුරු කුටියක සිට ජනතාව හමුවට - බොලිවුඩයම කළඹමින් ආන්දෝලනාත්මක අනාවරණයක්
බොලිවුඩයේ ප්‍රවීණ රංගන ශිල්පී අමිතාබ් බච්චන් සිය මුම්බායිහි පිහිටි 'Jalsa' නිවස ඉදිරිපිටට පැමිණ රසිකයින්ට ආචාර කිරීමේ වසර ගණනාවක් පැරණි සම්ප්‍රදාය ආරක්ෂක තර්ජන හමුවේ වුවද අඛණ්ඩව පවත්වාගෙන ගොස් තිබේ.
පසුගිය නොවැම්බර් 01 වැනි ඉරිදා දින ඔහු වෙනදා මෙන් විවෘත ස්ථානයක සිට නොව, විශේෂයෙන් සවි කරන ලද විනිවිද පෙනෙන ආරක්ෂිත වීදුරු ආවරණයක් ඇතුළත සිට රසිකයින් හමුවීම කාගේත් අවධානයට ලක් විය.
මෑතකදී බොලිවුඩ් ක්ෂේත්‍රය ආශ්‍රිතව වාර්තා වූ ආරක්ෂක තර්ජන කිහිපයක් මෙම පියවරට හේතු වී ඇත. පසුගිය ඔක්තෝබර් 18 වැනිදා නළු ටයිගර් ශ්‍රොෆ් සම්බන්ධයෙන් මුම්බායිහි ජුහු ප්‍රදේශයෙන් වෙඩි තැබීමේ සිදුවීමක් වාර්තා වූ අතර, පසුව ඔක්තෝබර් 23 වැනිදා මුම්බායි නගරාධිපතිවරිය වෙත ලැබුණු තර්ජනාත්මක විද්‍යුත් තැපෑලකින් අමිතාබ්ගේ 'Jalsa' නිවස ඇතුළු ස්ථාන කිහිපයකට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර තිබුණි.
මෙම වීදුරු ආවරණය නිශ්චිතවම අදාළ විද්‍යුත් තැපෑල නිසාම සවි කළ බව නිල වශයෙන් තහවුරු කර නොමැති වුවද, බලධාරීන් ආරක්ෂක පියවරයන් ඉහළ දැමීමේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක කර ඇත