හිටපු අමාත්‍ය පාඨලීගේ නඩුවකට සාක්ෂිකරු එන්න බෑ කියද්දි CCD ය කරලා තියෙන දේ එළියට - විමර්ශනයක් ඉල්ලයි [VIDEO]

Report

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ නඩුවක සාක්ෂිකරුවෙකු ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රුපියල් 450,000ක පමණ මුදලක් රාජ්‍ය මුදලින් වැය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා ශිරාල් ලක්තිලක විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කර ඇත්තේ, ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක විසින් ඉදිරිපත් කර ඇති අඳාළ පැමිණිල්ල, නීතිඥ රජික කොඩිතුවක්කු සහ තීක්ෂණ ගම්මන්පිල විසින් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියට සහ නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි.

මෙම පැමිණිල්ල කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළව ඔක්තෝබර් 19 වැනිදා අධිකරණයේදී ලබාදුන් සාක්ෂියක් පදනම් කරගෙන ඉදිරිපත් කර ඇති බව අඳාළ නිවේදනයේ දැක්වෙන බව සඳහන්.

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

මට හරිම කනගාටුවක් ලොකු කළකිරීමක් තියෙනවා.. හැමෝම මාව දාලා ගියා.. මම හිඟන්නෙක් නෙවෙයි - බුකිය කළඹපු චන්දිමාල්ට කළකිරෙයි

එසේම සාක්ෂිකරුවා ජර්මනියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට වැය වූ මුදල තමන් නොදැරූ බවත්, ඒ සියලු වියදම් දැරුවේ “CCD හි අධ්‍යක්ෂ ඉන්දික මහත්තයා” බවත් ඔහු අධිකරණයේදී පැවසූ බව මාධ්‍ය නිවේදනයේ දැක්වෙන බව වාර්තා වේ.

තවද පැමිණිල්ලෙන් විදේශ ගත සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි ලබාගැනීමේදී නීතිමය ක්‍රමවේද අනුගමනය කර තිබේද, රාජ්‍ය මුදල් වැය කිරීමේදී අදාළ නීතිමය හා මූල්‍ය රෙගුලාසි පිළිපැද තිබේද සහ මෙම ක්‍රියාවලිය සාක්ෂිකරුවන්ගේ ස්වාධීනත්වයට හෝ සාධාරණ නඩු විභාගයකට බලපා තිබේද යන්න පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ඇති බව සඳහන්.

එසේම රාජ්‍ය මුදල් භාවිතය පිළිබඳ විගණනයක් සිදුකරන ලෙසත්, නීති උල්ලංඝනයක් සිදුව ඇති බව තහවුරු වුවහොත් වගකිවයුත්තන්ට එරෙහිව නීත්‍යනුකූල පියවර ගන්නා ලෙසත් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව එම මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් බව වාර්තා වේ.

ආන්දෝලනාත්මක 'යක්ෂ රාජ වජිරපාණි' ගීතය ලිව්වේ මමයි.. තවත් ප්‍රබල කොටස් පහක් එන්න තියෙනවා.. රටම හොයපු රචක හිමි කට අරී

ආන්දෝලනාත්මක 'යක්ෂ රාජ වජිරපාණි' ගීතය ලිව්වේ මමයි.. තවත් ප්‍රබල කොටස් පහක් එන්න තියෙනවා.. රටම හොයපු රචක හිමි කට අරී

සුළු මොහොතකට පෙර දැනුම්දීමක් - ‍රට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගියත් අද වෙන්න යන්නේ මේකයි

සුළු මොහොතකට පෙර දැනුම්දීමක් - ‍රට ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට ගියත් අද වෙන්න යන්නේ මේකයි

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,