බෙංගාල බොක්ක කැළඹෙයි - තවත් ප්‍රබල සුළි කුණාටුවක් - අද මධ්‍යම රාත්‍රිය සහ හෙට පාන්දර වෙනකල් වෙන්න යන දේ
තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 24 සඳහා වලංගු වන ආකාරයට අද(02) දින පෙ.ව.10.30 ට නිකුත් කර ඇත.
අඳාළ නිවේදනය බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා සහ මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශ සඳහායි.
ක්‍රියාත්මක වන්න යනුවෙන් දක්වා ඇති එහි බටහිර - මධ්‍යම සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින "මුරාසු " (Murasu) සුළි කුණාටුව, ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන්.
අද(02) දින උදෑසන 05.30 වන විට, මෙම පද්ධතිය උතුරු අක්ෂාංශ 13.9° සහ නැගෙනහිර දේශාංශ 81.8° ආසන්නයේ කේන්ද්‍රගතව පැවතුණි.
ඒ අනුව මෙම '' මුරාසු " ප්‍රබල සුළි කුණාටුව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන අතර, අද මධ්‍යම රාත්‍රිය සහ 03 දින අළුයම කාලය පමණ වන විට ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ හරහා ඉන්දියානු ගොඩබිම වෙත ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරයි.
පහත සිතියමේ "Warning" කාණ්ඩයට අයත් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර (70-80) දක්වා වැඩි විය හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බැවින් මෙම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් සඳහන්.
ඒ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10 ත් 17 ත් සහ නැගෙනහිර දේශාංශ 80 ත් 90 ත් අතර මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්‍රදේශ වල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාවන් ආරක්ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දී ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් පිරිසකට එරෙහි පැමිණිල්ලක් කල් යයි - නියෝගයක්
එමෙන්ම මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා ගැඹුරු මුහුදු ප්‍රදේශවලත් නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම දෙයි.
මෙම මුහුදු ප්‍රදේශවල කටයුතු කරන ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ඉල්ලා සිටියි.
කැරට් 24 රන් පවුමක් මේ ගාණට.. රත්තරන් ගන්න විතරක් නෙවෙයි උකස් කරන්න හිතන් ඉන්න අයත් පුදුම කළ අද රන් මිල
