ඔබත් Online ආහාර ඇනවුම් කරනවාද ? - එහෙනම් ඔබේ පරිස්සමත් රැකගන්නමේ දේවල් දැනගෙනම ඉන්න.

Healthy Food Recipes Sri lanka Food Recipes Online business
By Wayomi Aug 13, 2024 06:20 AM GMT
Wayomi

Wayomi

Report

ගොඩක් දෙනෙක් Online apps හෝ web අඩවි වලින් ආහාර ඇනවුම් කරන්න පුරුදුවෙලා ඉන්නවා.

එහිදී ඔබගේ හිත ඇදී ආහාරය ඔබ දකින විදිහටම අතට ලැබෙනවද? එහෙනම් මින් පසුව ආහාර වර්ග Online ඇනවුම් කරද්දී මේ දේවල් දැනගෙනම ඉන්න.

යම්කිසි ආහාරයක් නිෂ්පාදනය කිරිම, බෙදාහැරීම සහ , විකිණීම සඳහා 1980 අංක 26 දරණ ආහාර පනතට යටත්ව සිදුකළ යුතුයි.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

වැඩි කළ රුපියල් 3000 දීමනාව ඩබල් කරලා රු.. 6000ක්ම විශ්‍රාමිකයින්ගේ අතට ලැබෙන හැටි.

ඔබ යම් ආහාරයක් සමාජ මාධ්‍ය හෝ වෙනත් ආකාරයට Online ඇනවුම් කරන අවස්ථාවේදී ඔබ මුලින්ම ඔබට අවශ්‍ය ආහාරයට ප්‍රථමව ඉල්ලුම් කළයුතු දේවල් කිහිපයක් ඇත.ඒ,

01 එම ව්‍යාපාරය, නිෂ්පාදන ආයතනය පවතින ප්‍රදේශය පැහැදිලි නම,ලිපිනය,දුරකථන අංකයක් හෝ හදුනා ගැනිමේ ස්ථානයක් ඇත්දැයී විමසන්න.

✳️ඊට හේතුව ඔබ යම් ආහාරයක් මිලදි ගත් විට ඔබට යම් ආහාර විෂ විමක් හෝ අසාත්මිකතාවයක් ඇතිවුහහොත් ඒ සම්බන්ධව යම් නීත්‍යනුකූල පැමිණිල්ලක් ඔබගේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට හෝ සෞඛ්‍ය වෛද්‍යවරයාට දැනුවත් කිරිමට හැකියාවක් පවතින බැවින්.

02 මෙම ආහාර සකස් කරන ස්ථානයට ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් ඇත්දැයි විමසන්න.

✳️යම් ආහාරයක් සකස් කිරිමේදී, පරිරක්ෂණය කිරිමේදී, ඇසිරිමේදී ආහර දුහනය නොවන ආකාරයට ආහාර සකස් කරන ස්ථානය සෞඛ්‍ය ආරක්ෂිත ලෙස පවත්වාගෙන යනු ලබන ආයතන සඳහා පමණි, මෙවැනී වෙළද බලපත්‍ර තිබෙන්නෙ.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.

ත්‍රිවිධ හමුදාවට සුබ ආරංචියක්. - තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරයි. - එම පිරිස මෙන්න.


මෙහිදී මෙම ආහාර සකස් කරන පුද්ගලයන්,ආහාර සකස් කරන ස්ථානය,හා ආහාර ඇසුරුම් කරන ස්ථානය පිළිබඳව වැදගත් කරුණු පිළිබඳව දැනුවත් පුද්ගලයන් සහා ආහාර පරිහරණ කටයුතු පිළිබඳව දැනුමක් සහිත පුද්ගලයන් බවට හදුනාගත හැකිය.

එසේම, ආහාර සකස් කරන ස්ථානය පිළිබඳව ඔබට අවබෝධයක් ලබාගැනිමට අවශ්‍ය නම් ඔබ අදාළ ආයතනය තුළ සහ අවට පරිසරයේ ජායාරූප කිහිපයක් ලබාගන්න.

අඩු මුදලකින් ඉන්දියාවට යන්න. - සිකුරාදා ඇරඹෙන මගී බෝට්ටු සේවයේ ටිකට් බුක් කරන හැටි.

අඩු මුදලකින් ඉන්දියාවට යන්න. - සිකුරාදා ඇරඹෙන මගී බෝට්ටු සේවයේ ටිකට් බුක් කරන හැටි.


ආහාර සකස් කරන පුද්ගලයන් අනිවාර්යයෙන් එන්නත් කිරිමකට ලක්කිරීම අනිවාර්යයෙන් කළ යුතුයි.මෙය ආහාර මගින් බෝවන රෝග වළක්වා ගැනිමට දෙනු ලබන එන්නතකී. ඒ සදහා නිකුත් කරන ලද කාඩ් පත් ඇත.

එමෙන්න, ඔබ යම් ආහාරයක් මිලදී ගන්නවා නම් අනිවාර්යයෙන් එම ආහාරය සකස් කරන ආකාරය පිළිබඳව දැනුවත් විය යුතුයි.

මෙය තහවුරු කර ගැනිමට නම් ඔබ ඉල්ලුම් කරන ආහාරය යම් ඇසුරුමක හෝ බහාලුමකට බහා තියෙන්නේ නං එම බහාලුමේ හෝ ඇසුරුමේ පහත සදහන් දෑ අනිවාර්යයෙන් තිබිය යුතුයි.

🔸එම ආහාරයේ පොදූ නාමය භාෂා 2කින් හෝ ඊට වැඩි ගණනකින් එය ඉංග්‍රීසියෙන් සහා සිංහල හෝ දෙමළ භාෂා විය යුතුයි (කේක්,කජු,සියබලා,ආදිය…)

🔸අන්තර්ගත බර ( එය දියරයක් නම් මිලී.ලිටර් හෝ ලිටර්, ඝන ද්‍රව්‍යක් නම් ගෑම්/කිලෝ ගෑම්)

🔸මිල සදහන් කළ යුතුයි .

🔸නිෂ්පාදන ආයතනයේ නම.

🔸නිෂ්පාදනය සාදන ආයතනයේ නම, ලිපිනය,සහා දුරකථන අංකයක්.

🔸ආහාර නිෂ්පාදන දිනය.

🔸කල් ඉකුත්වීමේ දිනය.

🔸කාණ්ඩ අංකය.

🔸ආනයනය කරන ලද ආහාරයක් නම් නැවත ඇසුරුම් කල දිනය සහා ආනයනය කරන ලද රට.

🔸ආහාර සදහා අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳව විස්තර තිබිය යුතුයි.අඩු එකේ සිට වැඩි එක දක්වා ආවරෝහන පිළිවෙලට

🔸ආහාර ගබඩා කලයුතු ආකාරයක් තිබේ නම් එය පිළිබඳව .

🔸ආහාර සකස් කළයුතු ආකාරයක් තිබේ නම් ඒ පිළිබඳව

🔸ආහාරයේ අඩංගු සිනී,ලුණු,මේදය සදහා වර්ණක සංකේත භාවිතා කරමින් සදහන් කල යුතුයි.(සමහර ආහාර සදහා කිරි,පළතුරු බිම,කාබනේට් බිම සදහා සිනි පමණක් වර්ණක සංකේත ප්‍රමාණවත් වේ.)

🔸විවිධ ආහාර ඇසුරුම් කිරිම සදහා ඊට සුදුසු ඇසුරුම් වර්ග ඇත.මේ පිළිබඳව මෙම ඇසුරුම් මත සටහන් කර තිබිය යුතුයි.

මීට අමතරව, යොදන ලද රස කාරක,වර්ණකාරක සහා කල්තබාගැනිමේ ද්‍රව්‍ය ලංකාව තුල අනුමත ද්‍රව්‍ය ද යන බව තවත් විශේෂ කරුණු සටහන් කළ යුතුයි.

පොහොට්ටුවේ අයිතියත් රනිල්ට - ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

පොහොට්ටුවේ අයිතියත් රනිල්ට - ලැබුණු අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

 

මෙම මාර්ග ගත ක්‍රමය මගින් ලබාගන්නා බොහෝමයක් ආහාර වර්ග ව්‍යාජ ලෙස සකස් කරන ලද ආහාර බව ඇනවුම් කල පසු දැනගැනීමට හැකිය.

උදා:-

🟡කිතුල් හකුරු / කිතුල් පැණි වැනි දෑ මේවා කිතුල් රසය ලබාගැනිම සදහා කෝකෝවා පව්ඩර් භාවිතා කර සකස් කරනු ලබන ඒවා වේ.

🟡 මී පැණී :- සිනී සහා වෙනත් වර්ණක, රසකාරක යොදා සෞඛ්‍යට හානිකර ලෙස සකස් කරන ලද ඒවා වේ.

🟡 කේක් – මේවා සදහා බිත්තර හෝ බටර් වැනි දෑ නොයොදා කෘතිම රසකාරක,වර්ණකාරක, කල්තබාගැනිමට යොදන ද්‍රව්‍ය යොදා සකස් කරන ලද ආහාර බහුතරයක් මෙම මාර්ගගත ක්‍රම ඔස්සේ බෙදාහැරීම සිදුකරනු ලැබේ.

මෙවැනි ව්‍යාජ ආහාර ඔබ ඇනවුම් කිරිමේදී ඔබට යම් ආහාර විෂ විමක් සිදුවී ඔබගේ ජිවිත අහිමි විමක් වුවහොත් ඒ සම්බන්ධව නිසි වගකිවයුතු පුද්ගලයන් නොමැති බැවින් ඔබ ආහාරයක් මාර්ගගත ක්‍රමයට ලබා ගැනිමේදී ඉහත කරුණු පිළිබඳව අනිවාර්යයෙන් සෑලකිලිමත් විය යුතුයි.

සමහර ආහාර සහා ඖෂධ වර්ග මාර්ගගත ක්‍රමයට විකුණන බොහෝ පිරිස් බොරු ව්‍යාජ තොරතුරු ලබාදෙමින් ඔහුන්ගේ ව්‍යාපාර පවාත්වාගෙන යනු ලැබේ.

සමහර ආහාර වලින් විවිධ වරප්‍රසාද ලැබෙන බව සදහන් කර ඇත.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.


උද :-

🟡මොළය වර්ධනයට , හතියට, සෙමට , තරබාරුකම අඩු කරගැනීමට,කොලෙස්ටරෝල්, ආතරයිටිස්,දියවැඩියාව වැනි විවිධ සෞඛ්‍ය පණිවිඩය මෙය සදහන් කිරිමට විශේෂ අවසරයක් තිබිය යුතුයි. මෙය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයාගෙන් ලබාගත යුතුයි. ( සමහර කිරි පිටි, තේ කොළ වර්ග, ඖෂධ වර්ග වැනි දෑ)

මෙම මාර්ග ගත ක්‍රම මගින් අලවි කරන භාණ්ඩ මිලදී ගැනිමේදී අනිවාර්යයෙන් ඔබ සැලකිලිමත් විය යුතුයි.

ඔබට අවශ්‍ය යම් ආහාරයක් නිවස තුළ සකස් කර ගැනිමට හැකියාව පවතින්නෙ නම් එය නිවස තුල සකස් කර ගැනිමට කටයුතු කරන්න.

ඔබගේ, ඔබගේ දරුවන්ගේ, පවුලේ අයගේ සෞඛ්‍ය ගැන ඔබ වැඩි අවධානයක් යොමු කරන්න.

ඔබ මුදල් ගෙවා ලෙඩ රෝග බලෙන් නිවස තුළට ගෙන ඒමෙන් වළකින්න.

මිලියන 5ක් TIN එක අරන් - සම්පූර්ණයෙන් වැට් අංක ලබාදීම නතර වෙයි.? ගත්ත නොගත්ත හැමෝටම විශේෂ දැනුම්දීමක්.

මිලියන 5ක් TIN එක අරන් - සම්පූර්ණයෙන් වැට් අංක ලබාදීම නතර වෙයි.? ගත්ත නොගත්ත හැමෝටම විශේෂ දැනුම්දීමක්.


_ මහජන සෞඛ්‍ය පරීක්ෂක -ආර්.එම්.සදුන් හේමන්ත රත්නායක _