චෝදනා මැද කාවන්තිස්සට ප්රතිකාර කළ වෛද්යවරයා ඉල්ලා අස් වෙයි.. රටම හොයපු කතාවේ ඇත්ත නැත්ත
වයඹ වනජීවී කලාපීය පශු වෛද්ය ඉසුරු හේවාකොට්ටගේ මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීම වෙනුවෙන් වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයා වෙත අදාළ ලිපි යොමු කර ඇති බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව ඉකුත් දා අවාසනාවන්ත ලෙස මියගිය 'කාවන්තිස්ස' හස්තියාට ප්රතිකාර කිරීමේදී සිදුවූ බව කියන සිදුවීම් මුල් කරගනිමින් සමාජ මාධ්ය හරහා එල්ල වූ දැඩි චෝදනා හා විවේචන හේතුවෙන් තමන් මෙම තීරණය ගත් බව වෛද්යවරයා පවසන බව සඳහන්.
2016 වසරේදී වනජීවී දෙපාර්තමේන්තුවට එක්වූ ඉසුරු හේවාකොට්ටගේ මහතා 2018 දක්වා අනුරාධපුර පණ්ඩුලගම ප්රදේශයේ සේවය කර තිබෙන අතර, ඉන් පසු නිකවැරටිය වනජීවී ඒකකයට ස්ථාන මාරුවීම් ලබා පැමිණ ඇත.
ජනතාවට දැනුවත් කිරීමක් - ඔක්තෝබර් 21 සහ 22 ශ්රී ලාංකිකයින්ටත් ඇස් අදහා ගන්න බැරි තරම් විශේෂ අවස්ථාවක්
එතැන් පටන් මේ වන තෙක් වයඹ කලාපයේ වනඅලින්, හස්තීන් මෙන්ම අනෙකුත් වනසතුන්ගේ ජීවිත බේරාගැනීම සඳහා ඔහු දැවැන්ත සේවයක් ඉටුකර ඇති බවත් විශේෂයෙන්ම මුහුදේදී අනතුරුවලට ලක්වන කැස්බෑවන්ගේ ජීවිත බේරාගෙන යළි මුහුදට මුදාහැරීමේ කටයුතුවලදී ඔහු විශේෂ ප්රසිද්ධියක් උසුලන බව සඳහන්.
කෙසේ වෙතත් මීට පෙර මියගිය 'තේක්ක රාජා' සහ 'භාතිය' යන හස්තීන්ට ප්රතිකාර කළද එම සතුන්ගේ ජීවිත බේරාගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් වෛද්යවරයාට සමාජයෙන් විවේචන එල්ල වී ඇති අතර 'කාවන්තිස්ස' හස්තියාට ප්රථමයෙන් ප්රතිකාර කළ වෛද්ය ඉසුරු හේවාකොට්ටගේ මහතාගේ නිසි සැලකිල්ලක් නොමැති වීම නිසා එම හස්තියා මියගිය බවටද චෝදනා එල්ල වූ බව වාර්තා වේ.
එහෙත් වාර්තා වන තොරතුරුවලට අනුව කාවන්තිස්ස හස්තියාට ලබාදී ඇති සියලුම ප්රතිකාර අදාළ නියමිත ඖෂධ මාත්රා අනුව සිදුකර ඇති බව සඳහන්.
නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ පන්තියක සිසුන් සංඛ්යාවේත් වෙනසක් - නොවැම්බර් 30 වෙනිදා සිට මේ ගුරුවරුන්ට රාජකාරියක්
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වනජීවී දෙපාර්තමේන්තුවේ වනජීවී පශු වෛද්ය ඒකකයේ හිටපු අධ්යක්ෂ, ප්රවීණ පශු වෛද්ය තාරක ප්රසාද් මහතා කියා ඇත්තේ, වනජීවී පශු වෛද්යවරයකුට කිසිවිටෙකත් හිතුමතේ ඖෂධ ලබාදිය නොහැකි අතර නියමිත ක්රමවේදයන් හා නිර්දේශිත මාත්රා අනුව පමණක් ප්රතිකාර සිදුකරන බවයි.
එසේම වෛද්ය ඉසුරු හේවාකොට්ටගේ මහතාද අදාළ සම්මත ක්රමවේදයන්ට යටත්ව ප්රතිකාර ලබාදී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මේ අතර කැපවීමෙන් රාජකාරි කළද දිගින් දිගටම එල්ල වූ චෝදනා තම රාජකාරියට මෙන්ම පෞද්ගලික ජීවිතයටද දැඩි ලෙස බලපෑ බැවින් සේවයෙන් ඉවත් වීමට තීරණය කළ බව වෛද්ය ඉසුරු හේවාකොට්ටගේ මහතා පවසන බව වාර්තා වේ.
කෙසේ වෙතත් ඔහු වයඹ වනජීවී පශු වෛද්ය ඒකකයෙන් ඉවත් වන බව ප්රකාශ කර තිබුණද, සමස්ත වනජීවී දෙපාර්තමේන්තුවෙන්ම ඉල්ලා අස්වන බවට මේ දක්වා නිල ලෙස දන්වා නොමැති බවද සඳහන්.