බොලිවුඩ් නළු ටයිගර් ෂෙරෝෆ්ට වෙඩි තබයි - වාහනයට තිදෙනෙක් වෙඩි පිට වෙඩි තබයි [VIDEO]
බොලිවුඩ් නළු ටයිගර් ෂ්රොෆ්, මුම්බායි හි ජුහු (Juhu) ප්රදේශයේදී වෙඩි ප්රහාරයකින් අනූනමයෙන් දිවි ගලවා ගත්තේය. නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් ඔහු ගමන් කරමින් සිටි වාහනයට වෙඩි තබා ඇත.
ඉන්දීය මාධ්ය වාර්තා කරන පරිදි, මෙම සිදුවීම සිදුව ඇත්තේ පුෂ්පා පාර්ක් (Pushpa Park) අසලදීය.
නළුවා පාපන්දු ක්රීඩා කිරීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව යාමට සූදානම් වෙමින් සිටියදී මෙම ප්රහාරය එල්ල වී තිබේ. ෂ්රොෆ්ගේ වාහනය අසල රසික පිරිසක් රැස්ව සිටියදී, නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු එම වාහනයට වෙඩි තබා ඇති බව වාර්තා වේ.
මෙම වෙඩි ප්රහාරයෙන් නළුවාට කිසිදු හානියක් සිදු නොවූ නමුත්, ඔහුගේ රියදුරු සහ ත්රිරෝද රථ රියදුරෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් ප්රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.
ෂ්රොෆ් ආරක්ෂිතව සිටින බවත්, ඔහුට වෙඩි වැදීමෙන් කිසිදු තුවාලයක් සිදුවී නොමැති බවත් මුම්බායි පොලිසිය තහවුරු කළේය.
පොලිස් නියෝජ්ය කොමසාරිස් මොහිත් ගාර්ග් පැවසුවේ, මෙම සිදුවීම ජුහු පොලිස් ස්ථානයේ බල ප්රදේශය තුළ වාර්තා වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශන ක්රියාත්මක බවත්ය.
රියදුරු බලපත්ර ගැන නරක ආරංචියක් - රියදුරු බලපත්ර මුද්රණය කිරීම නතර කරයි - මෝටර් රථ ප්රවාහන දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්
මේ අතර, සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වූ පණිවිඩයක් මගින් ලෝරන්ස් බිෂ්නෝයි (Lawrence Bishnoi) කල්ලිය මෙම වෙඩි ප්රහාරයේ වගකීම භාරගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම ප්රහාරය පිටුපස ඇත්තේ කුමන කල්ලියක්ද යන්න හෝ ප්රහාරයට හේතුව කුමක්ද යන්න පොලිසිය විසින් තවමත් නිල වශයෙන් තහවුරු කර නොමැත.
මහාරාෂ්ට්ර අමාත්ය ආශිෂ් ෂෙලාර් මෙම සිදුවීම හෙළා දුටු අතර, තමන් මේ පිළිබඳව මුම්බායි පොලිස් කොමසාරිස් දේවන් භාර්ති සමඟ සාකච්ඡා කළ බව පැවසීය.
වෙඩි තැබීමෙන් පසු එම ස්ථානයෙන් පලා ගිය ප්රහාරකයින් හඳුනා ගැනීම සඳහා පොලිසිය CCTV දර්ශන පරීක්ෂා කරමින් සිටී. මෙම සිදුවීමත් සමඟ මුම්බායි හි බොලිවුඩ් තරු වල ආරක්ෂාව පිළිබඳව නව කනස්සල්ලක් මතු වී තිබේ.
පසුව නළු ටයිගර් ෂෙරෝෆ්ගේ සුව දුක් විමසීම සඳහා මහාරාෂ්ට්ර නියෝජ්ය මහ ඇමති එකනාත් ෂින්ඩේ එම නිවසට ගොස් තිබෙන බව විදෙස් මාධ්ය වාර්තා කරයි.
A new video shows two men clearly standing and shooting directly towards Tiger Shroff through the windshield and the side window, just as he is being driven in his BMW sedan from a football ground, in an assassination attempt that he survived without injury in Juhu, Mumbai, on Sunday evening. One of the two shooters, however, fails to fire the gun when he is closest to the window, as the weapon apparently gets jammed. The car driver, injured in the firing, is then seen running out of the car as the attackers escape on a bike in this 18-second clip. In one of the other clips that establish the sequence of events, Tiger Shroff is seen taking the front passenger seat of his BMW sedan before the three men arrive on a motorcycle and fire at least four shots.
— NDTV (@ndtv) October 18, 2026