හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විශේෂ නියෝගයක්
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හෙට (23) දින අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදුනොවන බව බුද්ධශාසන අමාත්යාංශය මගින් කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රී ධර්ම මහා සංඝ සභාවට දැනුම් දී තිබේ.
සංශෝධිත බන්ධනාගාර නියෝග ප්රකාරව චීවරය සහිතව උන්වහන්සේ හෙට නඩු කටයුත්තක් වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට මීට පෙර මත පළවී තිබූ පසුබිමක මෙම දැනුම්දීම සිදුකර ඇත.
කෝට්ටේ ශ්රී කල්යාණි සාමග්රි ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල හිමියන් සඳහන් කළේ, ඥානසාර හිමියන් හෙට අධිකරණයට ඉදිරිපත් නොකරන බව බුද්ධශාසන අමාත්යාංශය මගින් එම සංඝ සභාවේ මහනායක අතිපූජ්ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහනාහිමියන් වෙත නිල වශයෙන් දැනුම් දුන් බවයි.
ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට
මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් බුද්ධශාසන නියෝජ්ය අමාත්ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ, ඥානසාර හිමියන් හෙට දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීම අවශ්ය නොවන බවට අධිකරණය විසින් දැනුම් දී ඇති බැවින් ඒ පිළිබඳව මහනාහිමියන් දැනුවත් කිරීමට පියවර ගත් බවයි.