නවසීලන්තයේ දැවැන්ත ඉලක්කය හඹා ගිය ඉන්දියාවට විශිෂ්ට ජයක් [HILIGHT VIDEO]
නවසීලන්තය සමඟ පැවති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු හතරක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. ක්රයිස්ට්චර්ච්හිදී පැවති මෙම තරගයේදී නවසීලන්තය ලබාදුන් ලකුණු 226ක ඉලක්කය ඉන්දියාව පන්දුවාර 19.4කදී කඩුලු හයක් දැවී පසුකර ගියේය.
නවසීලන්තය පළමුව පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු හතරක් දැවී ලකුණු 225ක් රැස් කළේය. එහිදී ග්ලෙන් ෆිලිප්ස් පන්දු 40කින් නොදැවී ලකුණු 82ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
ඉන්දීය පිළිතුරු ඉනිම ආරම්භ කළ සංජු සැම්සන් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 33කින් ලකුණු 67ක් රැස් කළේය.
ඔහුගේ ඉනිමට හතරේ පහර අටක් සහ හයේ පහර හතරක් ඇතුළත් විය.
අනතුරුව මැදපෙළ ශක්තිමත් කළ ශ්රෙයාස් අයියර් සහ නමන් ධීර් ඉන්දියාව ජයග්රහණය කරා රැගෙන ගියහ.
තරගයේ අවසන් අදියරේදී නමන් ධීර් එල්ල කළ හයේ පහරකින් ඉන්දියාවට ජය තහවුරු විය. ඒ අනුව තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලිය තරග 1–0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් විය.