විහාර මහා දේවි උද්යානයේ කඳවුරු බදින සංඝරත්නය - මෙන්න විස්තරේ [VIDEO]
අද (16) පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා දහවල් වන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැදි සිටි පිරිස අනතුරුව බුද්ධශාසන අමාත්යංශය ඉදිරිපිටට වැඩම කළ අතර මේ වනවිට කොළඹ විහාර මහා දේවි උද්යානයේ කඳවුරු බදිමින් රැදී සිටින බව වාර්තා වේ.
පූජ්ය බලංගොඩ කස්සප හිමි පැවසුවේ එම අමාත්යංශයේ ලේකම්වරයා සමඟ භික්ෂූන් වහන්සේ කිහිපනමක් සාකච්ඡාවක නිරත වූ අතර අනතුරු එය අසාර්ථක වු බව පවසමින් ඉල්ලීම් සදහා විසදුමක් ලබා දෙන තෙක් විහාරමහා දේවි උද්යානයේ රැදී සිටින බවයි.