මැදවච්චියෙන් හමු වූ අසරණ වන අලි පැටවාගේ ජීවිතය බේරාගන්න හදිසි මෙහෙයුමක්
By Kanchana
මැදවච්චිය, වෙවැල්කෙටිය ප්රදේශයේ ඇද වැටී සිටියදී සොයාගත් රෝගී පිරිමි වන අලි පැටවෙකු වැඩිදුර ප්රතිකාර සහ රැකවරණය සඳහා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත ආරක්ෂිතව රැගෙන ගොස් තිබේ.
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අදාළ වන අලි පැටවා ඔක්තෝබර් 22 වැනිදා උඩවලව ඇත් අතුරු සෙවණ වෙත රැගෙන ගිය බවයි
මැදවච්චිය, වෙවැල්කෙටිය ප්රදේශයේදී ඇද වැටී සිටියදී හමුවූ මෙම වන අලි පැටවා රෝගී තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් වැඩිදුර ප්රතිකාර ලබාදීමේ අවශ්යතාව මතුව තිබේ.
ඒ අනුව, සත්වයාට අවශ්ය ප්රතිකාර සහ රැකවරණය ලබාදීමේ අරමුණින් උඩවලව ඇත් අතුරු සෙවණ වෙත රැගෙන යාමට පියවර ගෙන ඇත.