ලංකාවෙම හීනේ සැබෑ වෙයි - අති දැවැන්ත ඉලක්කයක් හඹාගිය ශ්රී ලංකාවට ඉතිහාසගත ජයක්
අද(22) දින ශ්රී ලංකා ක්රීඩාලෝලීන්ට කලකට අමතක නොවන විශිෂ්ට හඹායෑමක් සනිටුහන් විය.
ඒ අද (22) දින පැවති පාකිස්තාන තුන්කොන් එක්දින ක්රිකට් තරගයෙන් එංගලන්තය පරාජය කර කඩුලු 2ක සටන්කාමී ජයක් ලැබීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වීමත් සමඟයි.
ඒ අනුව රාවල්පින්ඩිහිදී පැවැති මෙම තරගයේ එංගලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 430ක අති දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්රී ලංකා පිතිකරුවන්ට එක් පන්දුවක් (49.5) පමණක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් දැවී ලකුණු 430 ලබාගනිමින් තරගයේ ජය තහවුරු කිරීමට හැකි විය.
එසේම මෙය ජාත්යන්තර එක්දින ක්රිකට් පිටියේ කණ්ඩායමක් හඹාගොස් ජය ලැබූ දෙවන හොඳම ජයග්රහණය වශයෙන් ද වාර්තා අතරට එක් වේ.
මේ අතර ශ්රී ලංකා ජයග්රහණය වෙනුවෙන් පවන් රත්නායක (130), දසුන් ශානක (97), අවිශ්ක ප්රනාන්දු (97), ජනිත් ලියනගේ (61) විශිෂ්ට ඉනිම් ගොඩනගමින් ශ්රී ලංකා ඉනිම ජයග්රහණය කරා රැගෙන යාමට හේතු විය.