කොළඹ විහාරමහාදේවි උද්‍යාන භූමියේදී තහනම් පිහි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයාට ඇප

Report

කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ විරෝධතා භූමියේදී තහනම් පිහි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් 58 හැවිරිදි පුද්ගලයා අද (22) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

ඒ අනුව පොලිසිය සඳහන් කළේ, එම නඩුව නැවත නොවැම්බර් 30 වැනිදා කැඳවීමට නියමිත බවයි.

ඉකුත් 21 වැනි දින රාත්‍රියේ කුරුඳුවත්ත පොලිස් වසමේ පිහිටි විරෝධතා භූමියේදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සැකකරු පරීක්ෂා කිරීමේදී අඳාළ පිහි සොයාගත් බව පොලිසිය පැවසූ බව සඳහන්.

මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි

මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි

ඒ අනුව සිදු කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ සැකකරු දින කිහිපයක සිට විරෝධතා පාගමන සමඟ සම්බන්ධ වී සිටි අයෙකු බවයි.

එමෙන්ම ඔහු කිසියම් අපරාධයක් සිදු කිරීමේ අරමුණින් විරෝධතා භූමියේ රැඳී සිටියේද යන්න සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

සුළු මොහොතකට පෙර උණුසුම් වූ කොළඹ - සත්‍යග්‍රහයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසට අධිකරණයෙන් නියෝගයක්

සුළු මොහොතකට පෙර උණුසුම් වූ කොළඹ - සත්‍යග්‍රහයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසට අධිකරණයෙන් නියෝගයක්

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට