මහනුවර - යාපනය A9 පාර අද රෑ 10 ඉඳන් වහයි - ගමනාගමනයට විකල්ප මාර්ග මෙන්න

Report

මහනුවර - යාපනය A9 මාර්ගයේ අලවතුගොඩ පොලිස් වසමේ කුරුගොඩ 07 කණුව ප්‍රදේශය අද  රාත්‍රී 10.00 සිට හෙට  අලුයම 2.00 දක්වා තාවකාලිකව වසා තැබීමට නියමිතව ඇත.

පොලීසිය සදහන් කලේ පසුගිය 19 වැනිදා එම ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරට සම්බන්ධ ප්‍රයිමුවර් රථයේ ටේලරය එම ස්ථානයෙන් ගොඩගෙන ඉවත් කිරීම හේතුවෙන් වන බවයි

එම කාලය තුළ රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දී ඇත

ඒ අනුව, මහනුවර සිට මාතලේ දෙසට ගමන් ගන්නා වාහන කටුගස්තොට, මඩවල, වත්තේගම, උකුවෙල සහ ඇල්වල හරහා ගමන් කර A9 මාර්ගයට පිවිසිය හැකිය.

මාතලේ සිට මහනුවර දෙසට ගමන් ගන්නා බර වාහන ඇල්වල, උකුවෙල, වත්තේගම, මඩවල සහ කටුගස්තොට හරහා ගමන් කළ යුතුව ඇත

තවද සැහැල්ලු වාහන සඳහා අලවතුගොඩ, ඕවිස්ස, පූජාපිටිය සහ අඹතැන්න හරහා කටුගස්තොටට පිවිස මහනුවර දෙසට ගමන් කළ හැකි බව පොලිසිය සඳහන් කරයි.

අදාළ කාලසීමාව තුළ ඇති විය හැකි රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි .

වාහන පදින හැමෝටම 2027 ඉඳන් අලුත් නීතියක් -වාහන හිමියන්ට එන අලුත්ම පරීක්ෂණය මෙන්න

වාහන පදින හැමෝටම 2027 ඉඳන් අලුත් නීතියක් -වාහන හිමියන්ට එන අලුත්ම පරීක්ෂණය මෙන්න