මුළු පාරෙම සිටි අයගේ ඇස් මොහොතකට නතර කළ පොලිස් නිලධාරියා - රාජකාරියට එහා ගිය ඔහුගේ සත් ක්‍රියාවට රටේම පැසසුම් [VIDEO]

Report

මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල මහමග අපහසුතාවට පත්ව සිටි ආබාධිත සුනඛයෙකුට පාර මාරු වීමට උපකාර කරමින්, පොලිස් නිලධාරිවරයෙක් දැක්වූ උතුම් මානුෂීය ගුණය නිරූපණය වන වීඩියෝ පටයක් දැඩි අවධානයට හා ඇගයීමට ලක්ව ඇත.

ඒ අනුව මගියෙකු විසින් පටිගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති බව කියන අඳාළ වීඩියෝ පටයේ හිස්වැසුම් පැළඳ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙක්, මංසන්ධිය අසල රැඳී සිටි සුනඛයා වෙත පැමිණෙන ආකාර‍ය දැක්වෙන බව සඳහන්.

එමෙන්ම අදාළ සමාජ මාධ්‍ය සටහනට අනුව, මෙම සුනඛයා ආබාධිත තත්ත්වයෙන් පසුවූ බැවින් අධික රථවාහන තදබදයක් පැවති මාර්ගයෙන් මාරු වීමට නොහැකිව සිට ඇත.

මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි

මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි

එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරියා, අදාළ සුනඛයා දෝතට ගෙන ආරක්ෂිතව මාර්ගයේ අනෙක් පසින් තබන අයුරු වීඩියෝවේ සඳහන් වේ.

කෙසේ වෙතත් සිය නිල රාජකාරියෙන් ඔබ්බට යමින් අසරණ සතෙකු වෙනුවෙන් දැක්වූ මෙම හෘදයාංගම ක්‍රියාව මේ වන විටත් බොහෝ දෙනෙකුගේ ඇගයීමට භාජනය වී ඇති බව වාර්තා වේ.

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

ජනතාව සලිත කරමින් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අනතුරු ඇඟවීමක්.. මේ ප්‍රහාර යළි ඇතිවීමේ අවදානමක්

ජනතාව සලිත කරමින් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අනතුරු ඇඟවීමක්.. මේ ප්‍රහාර යළි ඇතිවීමේ අවදානමක්

අඳාළ වීඩියෝව උපුටා දක්වා ඇත,