අඩු මුදලකින් ඉන්දියාවට යන්න. - සිකුරාදා ඇරඹෙන මගී බෝට්ටු සේවයේ ටිකට් බුක් කරන හැටි.
ලබන සිකුරාදා (16) දිනයේ සිට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවය යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ කන්කසන්තුරෛ දක්වා මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එමෙන්ම පුද්ගලික සමාගමක් විසින් මෙම මගී යාත්‍රා සේවය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ ආසන වෙන් කිරීමේ අවස්ථාව ද ලබාදී ඇත.

සුරූපී මන්ධනා ගේ දැඩි අභියෝගය හමුවේ ලංකවේ අපේ කෙල්ලට සිදු වූ දේ. - චමරි අතපත්තු ගැන ICC යෙන් නිවේදනයක්.
ඊයේ (12) දිනයේ සිට මගී යාත්‍රා සේවය සඳහා ප්‍රවේශ පත්‍ර වෙන්කර ගත හැකි බව අදාළ සමාගම දැනුම් දී ඇති අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෙම මගී යාත්‍රා සේවය මීට පෙර මැයි මස 13 වන දින ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණ ද විවිධ හේතු නිසා එය කල්දමනු ලැබීය.
