සුළු මොහොතකට පෙර උණුසුම් වූ කොළඹ - සත්යග්රහයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසට අධිකරණයෙන් නියෝගයක් [UPDATE]
කොළඹ විහාර මහාදේවි උද්යානයේ පැවැත්වෙන සත්යග්රහයේ නිරත භික්ෂුන් වහන්සේලා ඇතුළු පිරිසට ඉවත් වෙන ලෙස අධිකරණ නියෝගයක් නිකුත්කර ඇත.
ඒ අනුව පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලමින් කොළඹ විහාර මහාදේවි උද්යානයේ පැවැත්වෙන මෙම සත්යග්රහය තුළ මීට ටික වේලාවකට පෙර උණුසුම් තත්ත්වයක් හටගත් බව වාර්තා විය.
ඒ කුරුඳුවත්ත පොලිසිය විසින් සත්යග්රහයේ නිරත භික්ෂුන්වහන්සේලා ඇතුළු පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීම වෙනුවෙන් අධිකරණ නියෝගයක් රැගෙන පැමිණ ඇති බැවින්.
කෙසේ වුවද විහාර මහාදේවී උද්යානයේ රැඳී සිටින පිරිසට එහි අඛණ්ඩව රැඳී සිටීමෙන් වැළකීම ඇතුළු අධිකරණය ලබාදුන් නියෝගයක් කියවා දීමෙන් අනතුරුව, පොලිසිය එම ස්ථානයෙන් පිටව ගිය බව වාර්තා වේ.