ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පවන්ගෙන් සුවිශේෂී ශතකයක්
එංගලන්ත කණ්ඩායම ලබාදුන් ලකුණු 430ක දැවැන්ත ඉලක්කය හඹා යමින් සිටින ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ශතකයක් රැස්කිරීමට පවන් රත්නායක සමත්ව ඇත. ඒ අනුව මෙය පවන්ගේ දෙවන එක්දින ශතකය විය.
එසේම මෙහිදී සුවිශේෂ සිදුවීම වන්නේ ඔහුගේ පළමු ශතකයද ඔහු එංගලන්තයට එරෙහිවම රැස්කර තිබීමයි.
මෙම ශතක ඉනිම තරගයේ 35වැනි පන්දුවාරයේදී පවන් ක්රීඩා කර තිබුණා.
එසේම ඔහු පන්දු 87කට පමණ මුහුණදී එම ඉනිම ගොඩනැගීම සුවිශේෂී වේ.
මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි
එම පන්දුවාරය අවසන් වනවිට ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 260ක් රැකරගෙන, තවත් පන්දු 90ක් ඉතිරිව තිබියදී ජයග්රහණයට ලකුණු 170ක් පිටුපසින් සිටියා.
එසේම ඒ වනවිට කඩුල්ලේ රැඳී සිටි දසුන් ශානක පන්දු 23කින් ලකුණු 40ක් රැස්කර තිබෙනවා.
එමෙන්ම පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය පන්දුවාර 50 තුළදී කඩුලු 4ක් දැවී ලකුණු 429ක් රැස්කිරීමට සමත්ව තිබුණා.