තරුණියෙකුට ලිංගික අතවර කෙරූ මාලිමා මන්ත්රී අත්අඩංගුවට
තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද පොල්ගහවෙල ප්රාදේශීය සභා මන්ත්රී දිනේෂ් සමන්ත කුමාර නමැත්තා එළඹෙන නොවැම්බර් 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොල්ගහවෙල මහෙස්ත්රාත් අධිකරණය අද (22) නියෝග කර තිබේ.
සැකකාර මන්ත්රීවරයාට අයත් බිස්කට් නිෂ්පාදනාගාරයක සේවය කරන 20 හැවිරිදි තරුණියකට ලිංගික හිරිහැර සිදු කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පොතුහැර පොලීසිය විසින් ඊයේ (21) පස්වරුවේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු අද පොල්ගහවෙල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්රාත් උදුම්බරා දසනායක මහත්මිය මෙම රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගය ලබා දී ඇත.
සැකකාර දිනේෂ් සමන්ත කුමාර නැමැත්තා 2025 ප්රාදේශීය සභා මැතිවරණයේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පොල්ගහවෙල ප්රාදේශීය සභාව සඳහා තේරී පත්වුණු මන්ත්රීවරයෙකි.
ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට
සිද්ධිය සම්බන්ධයෙන් පොතුහැර පොලීසිය මගින් වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.