සුරතල් බළලා බේර ගන්න ගිය ඇයට නොසිතූ ලෙස ජීවිතේම අහිමි වෙයි - ගමම හැඬවූ සංවේදී කතාව

Report

වරකපොල ප්‍රදේශයේදී තම සුරතල් බළලා බේරා ගැනීමට උත්සාහ කිරීමේදී අත්වැරදීමකින් ළිඳකට වැටීමෙන් 32 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

එසේ මිය ගොස් ඇත්තේ වරකපොල, අල්ගම, මදුරුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක්. එසේම පොලිසිය සඳහන් කරන ආකාරයට ඔක්තෝබර් 20 වන දින රාත්‍රී 10 ට පමණ මෙම සිදුවීම සිදුවී ඇත්තේ, නිවස පිටුපසින් බළලුන්ගේ ශබ්දයක් ඇසී ඒ දෙස බැලූ කාන්තාවට, බළලෙකු ළිඳකට වැටී ඇති බව දැකගැනීමට ලැබීමත් සමඟයි.

ඒ අනුව ඇය තම පියා සමඟ ළිඳ අසලට ගොස්, ජංගම දුරකථනයේ විදුලි පන්දම (flashlight) ආධාරයෙන් ළිඳ තුළ සිරවී සිටි බළලා සොයා බැලීමට කටයුතු කර තිබෙනවා.

මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි

මේ බාර් වහාම නවත්වන්න.. මත්පැන් අලෙවිසැල්වලට රාසමාණික්කම්ගෙන් රතු එළියක් - සුරාබදු ආඥා පනතත් සංශෝධනය කරන්න සැරසෙයි

ඇයගේ පියා ලණුවක ගැටගැසූ බාල්දියක් ආධාරයෙන් සතා බේරා ගැනීමට සූදානම් වෙමින් සිටියදී, ආලෝකය ලබා දීම සඳහා ඇය ළිඳ දෙසට නැඹුරු වී ඇති බවත් එහිදී ඇය අත්වැරදීමකින් ළිඳට වැටී ඇති අතර, වැටෙන අතරතුර ඇයගේ හිස කොන්ක්‍රීට් කොටසක වැදී ඇති බවත් සඳහන්.

අනතුරුව ඥාතියෙකුගේ සහාය ඇතිව ඇයව ළිඳෙන් ගොඩගෙන නිට්ටඹුව, වතුපිටිවල රෝහල වෙත රැගෙන ගියද, එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

නිට්ටඹුව, කලගෙඩිහේන ප්‍රදේශයේ අත්වැසුම් නිෂ්පාදන ආයතනයක සේවය කළ ඇය, තම දෙමාපියන් සහ බාල සහෝදරයා සමඟ පදිංචිව සිට ඇති අතර වරකපොල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන බව සඳහන්.

ජනතාව සලිත කරමින් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අනතුරු ඇඟවීමක්.. මේ ප්‍රහාර යළි ඇතිවීමේ අවදානමක්

ජනතාව සලිත කරමින් ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට අනතුරු ඇඟවීමක්.. මේ ප්‍රහාර යළි ඇතිවීමේ අවදානමක්

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට

ජීවිතේ නරකම කාලවල හිත හයියකරන් පාඩුවේ ඉන්න ඕනේ - අඛිල මේ ඉඟිකරන්නේ එමීගේ වෙන්වීම ද ආන්දෝලාත්මක සටහනක් මුහුණු පොතට