නිවසට ඇතුළු වූ හොරා කාන්තාවකට ලිංගික අතවර කරලා - කාන්තාව සැමියායැයි සිතා නිදාගෙන සැකකරු සොයා විමර්ශන

Report

නිවසකට හොර රහසේ ඇතුළු වී එහි නිදා සිටි කාන්තාවක දූෂණය කර රුපියල් 3,45,000ක් වටිනා රන් මුදුවක් සොරාගෙන පලාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා දංකොටුව පොලිසිය පූර්ණ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

දංකොටුව, කටුකෙන්ද ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි කාන්තාවක් මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත.

පසුගිය 31 වැනිදා රාත්‍රියේ ආහාර ගෙන නිදාගැනීමෙන් පසුව අලුයම් කාලයේ කිසිවෙකු තමා සමඟ ලිංගිකව එක්වූ බවත්, ඒ තමාගේ සැමියා යැයි සිතා නිහඬව සිටි බවත් අදාළ කාන්තාව පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබේ.

මෙල්බර්න් සිට ආ ශ්‍රීලන්කන් ගුවන් යානය හදිසියේ ගොඩබැස්සවූ පුදුම සහගත හේතුව මෙන්න

මෙල්බර්න් සිට ආ ශ්‍රීලන්කන් ගුවන් යානය හදිසියේ ගොඩබැස්සවූ පුදුම සහගත හේතුව මෙන්න

එලෙස ලිංගිකව එක්වූ පුද්ගලයා එක්වරම ඇඳෙන් පැන පලායාම නිසා සොයා බැලීමේදී තම සැමියා නිවසේ වෙනත් කාමරයක නිදා සිටින බව දැක තිබේ.

පසුව දෙදෙනා එක්ව පරීක්ෂා කිරීමේදී නිවසේ තිබූ රන් මුදුව ද අතුරුදහන් වී ඇති බව අනාවරණය වී ඇත.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් - විශ්‍රාම වැටුප් හා අස්වැසුම සඳහාත් කඩිනම් පියවර

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීමක් - විශ්‍රාම වැටුප් හා අස්වැසුම සඳහාත් කඩිනම් පියවර

නිවසේ මුළුතැන්ගෙයි ජනේලයකින් ඇතුළු වූ පුද්ගලයෙකු විසින් මෙම සොරකම සහ ලිංගික අපරාධය සිදුකර ඇති බවට පොලිස් මූලික විමර්ශනවලදී තහවුරු වී ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දංකොටුව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.