ඔබේ ලක්ෂ ගාණක මුදල් අනතුරේ - මහජන බැංකුවේ සියලුම පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇගවීමක්

Report

මහජන බැංකුවේ නම සහ නිල ලාංඡනය අවභාවිත කරමින් සමාජ මාධ්‍ය හා WhatsApp ඇතුළු විවිධ පණිවුඩ හුවමාරු යෙදවුම් ඔස්සේ සංසරණය වන ව්‍යාජ ත්‍යාග ප්‍රචාරණ සහ ඡන්ද විමසීම් පිළිබඳව නොරැවටෙන ලෙස අදාළ බැංකු බලධාරීන් සහ තොරතුරු ආරක්ෂණ අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

නිවසට ඇතුළු වූ හොරා කාන්තාවකට ලිංගික අතවර කරලා - කාන්තාව සැමියායැයි සිතා නිදාගෙන සැකකරු සොයා විමර්ශන

නිවසට ඇතුළු වූ හොරා කාන්තාවකට ලිංගික අතවර කරලා - කාන්තාව සැමියායැයි සිතා නිදාගෙන සැකකරු සොයා විමර්ශන

මෙම ව්‍යාජ වෙබ් අඩවි හරහා රුපියල් 200,000ක මුදල් ත්‍යාග ලබා දෙන බවට අසත්‍ය ප්‍රචාර පතුරා පාරිභෝගිකයින්ගේ පෞද්ගලික හා බැංකු තොරතුරු ලබා ගැනීමටත්, නොදැනුවත්කමින් අදාළ සබැඳි (Links) වෙනත් පාර්ශ්ව වෙත හුවමාරු කරවා ගැනීමටත් වංචනිකයින් කටයුතු කරමින් සිටින බව හෙළි වී තිබේ.

එවැනි සැකකටයුතු ව්‍යාජ සබැඳි මත ක්ලික් කිරීමෙන් වළකින ලෙසත්, කිසිදු හේතුවක් මත තමාගේ පෞද්ගලික හෝ බැංකු ගිණුම් තොරතුරු, රහස් අංක (PIN/OTP) හෝ මුරපද මෙවැනි අඩවි වෙත ලබා නොදෙන ලෙසත් මහජනතාවට දැඩි ලෙස අවධාරණය කෙරේ.

මුළු දිවයිනටම වලංගු වන පරිදි - අද පස්වරු 1න් පසු කාලගුණය

මුළු දිවයිනටම වලංගු වන පරිදි - අද පස්වරු 1න් පසු කාලගුණය