ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමකින් එක අයෙකු මරුට - දෙදෙනෙකු රෝහලට
ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ කප්පල්තුරෙයි මාර්ගයේ ධාවනය වූ ත්‍රිරෝද රථයකට අද (02) රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම වෙඩි තැබීමේ සිදුවීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේය.
වෙඩි තැබීම සිදුකර පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා චීන වරාය පොලිසිය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.