අස්වැසුම නව ලිස්ට් එකේ ඔබේ නමත් තියේද යන්න බලන්න රජයෙන් ලේසි ක්‍රමයක් - මෙන්න විස්තරේ

Report

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර යටතේ සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

2002 අංක 24 දරන සුභසාධක ප්‍රතිලාභ පනතේ 11 වන වගන්තියට අනුව මෙම නාමලේඛන සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති අතර, නව ක්‍රමවේදය යටතේ හඳුන්වා දී ඇති QR කේතය ස්කෑන් කිරීමෙන් හෝ www.wbb.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ද තමන්ගේ නම ලැයිස්තුවේ තිබේදැයි පහසුවෙන් බලාගත හැක.

ඔබේ ලක්ෂ ගාණක මුදල් අනතුරේ - මහජන බැංකුවේ සියලුම පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇගවීමක්

ඔබේ ලක්ෂ ගාණක මුදල් අනතුරේ - මහජන බැංකුවේ සියලුම පාරිභෝගිකයන්ට විශේෂ අනතුරු ඇගවීමක්

වැඩිදුර තොරතුරු සඳහා 1924 ක්ෂණික ඇමතුම් අංකය අමතන ලෙස දැනුම් දෙයි. මෙම නාමලේඛනයට අනුව සුදුසුකම් ලබා නොමැති හෝ තමන් ලැබූ ප්‍රතිලාභ කාණ්ඩය පිළිබඳ සෑහීමකට පත් නොවන අයට අභියාචනා ඉදිරිපත් කළ හැකි අතර, නුසුදුසු පුද්ගලයන් ඇතුළත්ව ඇත්නම් ඒ සඳහා විරෝධතා ගොනු කිරීමට ද මහජනතාවට අවස්ථාව හිමිවේ.

මුළු දිවයිනටම වලංගු වන පරිදි - අද පස්වරු 1න් පසු කාලගුණය

මුළු දිවයිනටම වලංගු වන පරිදි - අද පස්වරු 1න් පසු කාලගුණය

ඒ අනුව online ක්‍රමයට www.eservices.wbb.gov.lk වෙබ් අඩවිය හරහා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුභසාධක තොරතුරු ඒකකය වෙත අයදුම්පත් භාරදීමෙන් අභියාචනා හා විරෝධතා යොමුකළ හැක.

අභියාචනා සඳහා A සහ B පෝරමද, මහජන විරෝධතා සඳහා C පෝරමයද සම්පූර්ණ කිරීම අනිවාර්ය වන අතර, විරෝධතා නිර්නාමිකව ද ඉදිරිපත් කළ හැක.

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් එවන අභියාචනා භාරගනු නොලැබේ.

මෙම අභියාචනා සහ විරෝධතා භාරගැනීමේ අවසන් දිනය 2026 නොවැම්බර් මස 11 වනදා වේ.