සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් ගාමිණී කිත්සිරි ඩයස් අත්අඩංගුවට - හේතුව මෙන්න
සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල සඳහා පුටු මිල දී ගැනීමේ දී, නිසි ප්‍රමිතියෙන් යුතුව අවම මිල ගණන් ඉදිරිපත් කරන පුද්ගලික සමාගමකින් මිල දී නොගෙන, වෙනත් පුද්ගලික සමාගමකින් මිල දී ගැනීමට කටයුතු සැලැස්වීම තුළින් රජයට රු.7,973,114.50 ක පාඩුවක් හා බාහිර පාර්ශවයකට අයුතු සහගත වාසියක් සිදු කර "දුෂණය " නැමැති වරද සිදු කිරීම යන චෝදනාව මත බව සඳහන්.
කැරට් 24 රන් පවුමක් මේ ගාණට.. රත්තරන් ගන්න විතරක් නෙවෙයි උකස් කරන්න හිතන් ඉන්න අයත් පුදුම කළ අද රන් මිල
එබැවින් එම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ගාමිණී කිත්සිරි ඩයස් අමරවර්ධන මහතා මෙසේ අද (02) පෙරවරු 9.45ට පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එසේම අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්.