13 හැවිරිදි සිසුවට අඩිරූලෙන් දමලා ගහපු කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරි‍යක් අත්අඩංගුවට

Report

දහතුන් හැවිරිදි සිසුවකුට අඩිරූලකින් දමා ගසා, එම සිසුවාගේ දකුණු ඇස තුවාල කිරීම පිළිබඳව කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක ගුරුවරියක අත්අඩංගුවට ගෙන තිබෙන බව කොටහේන පොලිසිය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දන්වා තිබෙනවා.

ඒ අනුව මඩකලපුව පදිංචි එස්. පී. කලෙයිචෙල්වි නමැති සැකකාර ගුරුවරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න වෙත ඉදිරිපත් කළ පසු කොටහේන පොලිසියේ සැරයන් (12104) කැලුම් ප්‍රියන්ත මහතා විසින් එසේ අධිකරණයට දන්වා ඇත.

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා

කෙසේ වෙතත් අඳාළ සැකකාර ගුරුවරිය විදුහලේ පුස්තකාල කාමරය තුළදී අදාළ සිසුවාගෙන් ප්‍රශ්නයක් අසා ඇති බවත්, ඊට පිළිතුරු නොදීම නිසා උරණ වී ගුරුවරියගේ අතෙහි තිබූ ඇලුමිනියම් අඩිරූලකින් දමා ගසා ඇති බවත් දන්වා සිටි පොලිස් සැරයන් කැලුම් ප්‍රියන්ත, එම අඩිරූල සිසුවාගේ දකුණු ඇසෙහි වැදී තුවාල වී ඇති බවද අධිකරණය වෙත දන්වා තිබෙනවා.

එබැවින් සැකකාරියගේ පහර කෑමට ලක්වූ සිසුවා කොළඹ ජාතික අක්ෂි රෝහලේ 11 වන වාට්ටුවෙහි ප්‍රතිකාර ලබන බවද පොලිස් සැරයන්වරයා අධිකරණයට පවසා ඇත.

මේ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය, සැකකාර ගුරුවරිය රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදාහරින මෙන් නියම ක‍ර ඇත.

මේ අතර මෙම සිද්ධිය පිළිබඳව කොටහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනආරච්චිගේ උපදෙස් මත විමර්ශන සිදු කරන බව සඳහන්.

රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්

අද ඉඳන් තිබ්බ EPF ගැටලු ඔක්කොම ඉවරයි, මෙන්න විශේෂ නිවේදනයක්