පාන්ඩුවක් වගේ ආණ්ඩුවක් - මහින්දගේ දැඩි චෝදනා
By Shehan
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (21) පැවසුවේ ආණ්ඩුව 'පාන්ඩුවක්' වැනි බවයි.
මෙම ප්‍රකාශය ඔහු සිදු කළේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් කළුතර පිහිටි ඔහුගේ නිවසේ පැවති උත්සවයකට සහභාගී වෙමින්, මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන අවස්ථාවේදීය.
මාධ්‍යවේදීන් එහිදී රාජපක්ෂ මහතාගෙන් වසරක් පිරුණු ආණ්ඩුවේ තත්ත්වය ගැන විමසූ අතර, ඒ වෙනුවෙන් ඔහු පිළිතුරු දුන්නේ, "ආණ්ඩුව නිකං පාන්ඩුව වගේ, කිසිම වැඩක් කෙරෙන්නේ නැහැ" යනුවෙනි.