මුළු දිවයිනටම අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම නිවේදනය අද (23) උදෑසන 9:30 සිට ඉදිරි පැය 24 තුළ බලපැවැත්වේ.
ඒ අනුව, ගාල්ල සිට මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ජනතාව සැලකිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ රළු විය හැකිය.
මීගමුව සිට ගාල්ල, මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5-3.0 අතර ඉහළ යා හැකිය.
මේ හේතුවෙන්, මීගමුව සිට ගාල්ල, මාතර, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.