ආදරණීය පියාගේ අභාවය සමඟ දුනිත් වෙල්ලාලගේ යළි මව්බිමට [VIDEO]

Report

සිය පියාගේ අභාවය සැලවීමත් සමග ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අද (19) දින උදෑසන දී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි තිබෙනවා.

ඒ අනුව ඔහු අබුඩාබි නුවර සිට අද උදෑසන 08.25ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බව සඳහන්.

දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්‍රාප්ත වෙයි

දුනිත් වෙල්ලාලගේගේ පියා අභාවප්‍රාප්ත වෙයි

එසේම ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු වන මහින්ද හලන්ගොඩ ද දිවයිනට පැමිණ ඇත.

කෙසේ වෙතත් වහා ගුවන් තොටුපොළෙන් නිශ්කාශනය වූ ඔහු කටුනායක ගුවන්තොටුපොළෙන් කඩිනමින් පිට වී ගොස් ඇති බව සඳහන්.

මේ අතර දුනිත් වෙල්ලාලගේ පියාගේ අභාවය වෙනුවෙන් දෙස් විදෙස් සියලු දෙනා ඔහුට බලවත් සංවේගය පළ කර තිබෙනවා. 

දුනියා මේ වෙලාවේ ඔයා ශක්තිමත් වෙන්න ඕනේ, පියාගේ වියෝව ගැන ක්‍රිකට් ලෝකෙම සංවේගය පළ කරයි

දුනියා මේ වෙලාවේ ඔයා ශක්තිමත් වෙන්න ඕනේ, පියාගේ වියෝව ගැන ක්‍රිකට් ලෝකෙම සංවේගය පළ කරයි

මෙම වීඩියෝ දර්ශන දෙරණ නාලිකාවෙන් උපුටා දක්වා ඇත