මාලිමාවේ දූෂිතයන් විතරක් නෙවෙයි ලොකුම මුදල් විශුද්ධිකරණය තියෙන්නෙත් පැලවත්තේ, වගකීමෙන් කියන්නේ - දිලිත් [VIDEO]

Report

පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර මහතා විසින් “මාලිමාව කියන දේශපාලන ව්‍යාපාරය ඇතුළේ දූෂිතයින් ඉන්නවා පමණක් නොවෙයි ඒ ව්‍යාපාරය හදලා තියෙන්නෙම දූෂණය සඳහා. ඔය පක්ෂ අරමුදල කියන යාන්ත්‍රණය ලංකාවේ ලොකුම මුදල් විශුද්ධිකරණ යාන්ත්‍රණය. ඒක පැලවත්තේ පිහිටලා තියෙන්නේ’’ ‍යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එමගින් සියලුම ජාවාරම්කරුවන්ගේ මුදල් විශුද්ධිකරණය වන බවට තමා වගකීමෙන් පවසන බවද පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා පවසා ඇත. යාපහුව ආසනයේ මාඑළිය කොට්ඨාසයේ සර්වජන සභාව පිහිටුවීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

අම්මෝ මෙන්න නාමල් රාජපක්ෂගේ ඔක්කොම වත්කම් හා බැරකම් එළියට

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

‘‘ඒක වැරැදියි නම් කියන්න මෙන්න අරමුදල, මෙච්චර තියෙනවා, මෙහෙමයි ලැබුණේ, ඒකට මෙච්චර බදු ගෙව්වා කියලා. දැන් අපේ පක්ෂයේ අපිටත් සහෝදරවරු නැතිවුණාට අපේ මිත්‍රය උදව් කරනවා. හැබැයි අපි ඒවා අපේ ගිණුමට අරගෙන බදු ගෙවනවා. මොකද බදු ගෙවන්නේ නැතිව පක්ෂ අරමුදල් තියෙන්න බෑ. දැන් අපි විගණනයට ලක්කරලා, වරලත් ගණකාධිකාරීවරයකුගේ අත්සනින් යුතුව ඒක යොමුකරලා තියෙනවා මැතිවරණ කොමිසමට. හැබැයි එහෙම නැතිව අඳුරේ තියෙන්න බෑ අරමුදල්. මේක ඔබ පිළිගත්තේ නැතිවුණාට ඊයෙ පෙරේදා අර වත්කම් ප්‍රකාශ ටික එළියට ආවාම ඔක්කොම බැලුවාම අපි මේ පොල්ගෙඩි ටික කඩලා දාලා තියෙන්නෙ හොඳ කෝටිපතියකුගෙ කැබ් එකටනේ කියලා හිතුණා. ස්ථීර තැන්පතු මටත් නෑ. ස්ථාවර තැන්පතුවල දාන්න කොහෙන්ද සල්ලි? අපි මේ දේශපාලන වැඩවලට වියදම් කරනවානේ. හැබැයි මේ ගම් මට්ටමේ මිනිස්සු ඔය දේශපාලන යාන්ත්‍රණය නඩත්තු කළේ අනේ අපේ නායකයො මොන තරම් කැපකිරීමක් කරලා තියෙනවාද කියලා.

වත්කම් බැරකම් නොදුන් ලොක්කෝ සෙට් එකගෙම නම් ලිස්ට් එකක් කොමිසමෙන් එළියට

වත්කම් බැරකම් නොදුන් ලොක්කෝ සෙට් එකගෙම නම් ලිස්ට් එකක් කොමිසමෙන් එළියට

මමවත් හිතාගෙන හිටියේ නෑ අරමුදල හරහා වංචා සිද්ධවෙන බව යථාර්ථයක් වුණත් මේ අපි දන්න හඳුනන පුද්ගලයෝ මිලියන 400 – 500 වත්කම් තියෙන අය කියලා. ඔය වත්කම් කිව්වාම මමත් ඉන්නේ කෝට්ටෙ ප්‍රදේශයේ. මම පොඩි ඉඩම් කෑල්ලක් කෝවිඩ් කාලෙ ගත්තා මගෙ ඉඩමට යාබදව. ඒකෙ පර්ච් එකක් මිලියන 4ක් වුණා. දැන් ඒ කිට්ටුවම ඉන්න ඇමැතිවරයෙක් කියලා තියෙනවා එයාගෙ ඉඩමේ වටිනාමක පර්ච් එක ලක්ෂ තුනයි කියලා වත්කම් ප්‍රකාශයේ. අන්න හිරේ යන ප්‍රකාශ. ඇයි? දිවුරුමක් මත අත්සන් කරලා දීලා තියෙනවා මේ මං කියන්නෙ ඇත්ත කියලා. දැන් ඔය ඇත්තද? නෑ … අන්න ඒකයි මම මේ කියන්නේ මේක ව්‍යාජයක්. මේක බොරුවක්. මේ රටට අවශ්‍යයි ඇත්තටම දූෂණයට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් දේශපාලන ව්‍යාපාරයක්. ඒ දේශපාලන ව්‍යාපාරය තමයි සර්වජන බලය” යනුවෙන් ද ප්‍රකාශ කළා.

වත්කම් නොදුන්නාම නීතියෙන් බැඳෙන්න වෙනවා - වසන්ත මතක් කරලම දෙයි

වත්කම් නොදුන්නාම නීතියෙන් බැඳෙන්න වෙනවා - වසන්ත මතක් කරලම දෙයි