"ඉන්දියාව, පාකිස්තානය අපි ගැන දෙපාරක් හිතනවා" - කුසල්ගෙන් විශාසය [VIDEO]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම, ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග තුනම ජයග්‍රහණය කරමින්, අපරාජිතව සුපිරි හතර වටයට සුදුසුකම් ලබා ගත්තා.
ඊයේ තරගයෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස් පැවසුවේ, ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි අභියෝගවලට ඉහළ විශ්වාසයකින් සහ පැහැදිලි සැලැස්මකින් සූදානම් වන බවයි.

හීනවලට යද්දි දෙමව්පියෝ ළඟ නෑ කියන්නේ වේදනාවක්, ඒත් දුනිත් පුතේ තාත්තගේ හීන දිනවන්න - මහින්දගෙන් සටහනක්
එක් ක්‍රීඩකයෙකු පමණක් නොව, විවිධ අවස්ථාවලදී විවිධ ක්‍රීඩකයන් ඉදිරියට පැමිණ වගකීම ඉටුකිරීම කණ්ඩායමේ ප්‍රබල ශක්තියක් බවත් මෙන්ඩිස් පෙන්වා දුන්නා.
"බෝලින්වලදී අපේ නුවන් තුෂාරත්, දුෂ්මන්තත් හොඳට බෝල් කරනවා. වනිඳු ඉන්නවා, මහීෂ් බැක්අප් එකට ඉන්නවා. මම හිතන්නේ පාකිස්තානය වුණත් ඉන්දියාව වුණත් දෙපාරක් හිතනවා. මොකද අපි ඒෂියා කප් එකේදී ඒගොල්ලන් එක්කත් හොඳට කරලා තියෙනවා"
ඩුබායිහි ඉදිරි තරගවලදී තණතීරු මන්දගාමී විය හැකි බවත් මෙන්ඩිස් අපේක්ෂා කරන බව සඳහන් කළා. මේ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරි තරග සඳහා ඉතා ඉහළ විශ්වාසයකින් යුතුව සූදානම් වන බව ප්‍රකාශ වුණා.