දෙමව්පියෝ බයවෙන්න එපා පාසල් දරුවන්ගෙන් මේ විෂයන් දෙක අයින් කරන්නේ නෑ - ගුරු වෘත්තීයටත් සාකච්චා
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය පවසා ඇත්තේ වත්මන් රජය පාසල්වල ආගමික අධ්‍යාපනය හෝ සෞන්දර්ය විෂයයන් අඩු කිරීමට කිසිදු අදහසක් නොමැති බවයි.
ආගම සහ වටිනාකම් අංශයේ අධ්‍යක්ෂවරයා විශේෂයෙන් පවසා සිටියේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව 2026 වසරේ සිට හය ශ්‍රේණියේ පළමු පාඩම යටතේ සියලුම සිසුන්ට සියලු ආගම් පිළිබඳ මූලික අවබෝධයක් ලබාදෙන බවත්, ඉන් අනතුරුව සිසුන් තම තමන්ගේ ආගම පිළිබඳ අධ්‍යයන කටයුතු කරගෙන යන බවයි.
ඊට අමතරව පාසල්වල බුද්ධාගම විෂයය සඳහා ගුරු පුරප්පාඩු පිළිබඳවද සාකච්ඡා වූ අතර අමාත්‍ය අමරසූරිය මහත්මිය සඳහන් කළේ, මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා මේ වන විටත් සියලු පළාත්වලින් ගුරුවරුන් පිළිබඳ තොරතුරු රැස්කරමින් පවතින බවටය.
වැඩිදුරටත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මහත්මිය පැවසුවේ විධිමත් බඳවා ගැනීමේ හා පත් කිරීමේ සැලැස්මක් ඔස්සේ ගුරුවරුන්ගේ පුරප්පාඩු සමබරව පිරවීම සඳහා පියවර ගනිමින් සිටින බවයි.