එජාපේ 79 වන උපන්දිනේට සජිත් හදවතින්ම සුබ පතන බවට ප්‍රකාශයක්
එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය අද (20) දින පැවැත්වෙනවා.
ඒ එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර මේ වන විට එම සංවත්සරය ජයවර්ධනපුර ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයකදී පැවැත් වෙයි.
මේ අතර මෙම 79 වැනි සංවත්සර උත්සවයට සමගාමීව සමගි ජන බලවේගයේ නායක-විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
අඳාළ ප්‍රකාශය පහතින්,
" ඩී. ඇස්. සේනානායක ශ්‍රීමතාණන් එක්සත් ජාතික පක්ෂය පිහිටුවනු ලැබුවේ ඔහු ඇතුළු අනෙකුත් නායකයන් ආරම්භ කරනු ලැබූ ලංකා ජාතික සංගමයෙන් ලද පන්නරයෙනි. වර්ෂ 1919 දී පිහිටුවන ලද ලංකා ජාතික සංගමය ශ්‍රී ලංකාවට නිදහස දිනා ගැනීමේ සටනට විශාල දායකත්වයක් ලබාදුන් අතර ඒ සදහා තවදුරටත් ජාතික දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය පැන නැගීම හේතුවෙන් එම දේශපාලන නායකත්වය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය පිහිටුවනු ලැබීය. එකී එක්සත් ජාතික පක්ෂය සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හා මැලේ ආදී විවිධ ජාතීන්ට එක්ව කටයුතු කල හැකි දේශපාලන කඳවුරක් විය. ලංකා ජාතික සංගමය ලංකාවේ නිදහසට පාර පෙන්වා දුන්නේය. එක්සත් ජාතික පක්ෂය ලංකාවට නිදහස උදාකර දුන්නේය. ශ්‍රී ලංකා නිදහස් රාජ්‍ය බිහිවීමත්, එක්සත් ජාතික පක්ෂය බිහිවීමත් යනු දෙකක් නොව එකකි. එක්සත් ජාතික පක්ෂය ආරම්භයේ සිට අද දක්වා මාතෘ භූමියට සිදු කර ඇති සේවය අනගිභවනීයයි. අද මේ මොහොතේ දී ශ්‍රී ලංකාවේ දේශපාලනය තුල ප්‍රජාතන්ත්‍ර වාදය අභියෝගයකට ලක්ව තිබේ. එම නිසා එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරයේ දී අප සියලු දෙනාම වර්තමානයේ සිදුව ඇති දේශපාලනික වෙනස්කම් අවබෝධ කර ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සදහා ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු පක්ෂවල සහයෝගීතාවය තුල තම දේශපාලන අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් මේ මොහොතේ ක්‍රියා කල යුතුය. මම එක්සත් ජාතික පක්‍ෂයේ 79 වැනි සංවත්සරයට හදවතින්ම සුබ පතමි."
එම උත්සවයේ සජීවි විකාශය පහතින්,