හත් කෝටි පන් ලක්ෂයකට අධික ලොතරැයි දිණුම් තවම දිනපු අය අරගෙන නැහැ

Report

ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි පත්වල රුපියල් හත් කෝටි හැට පන් ලක්ෂයකට අධික විශේෂ ත්‍යාග මුදල් ඉකුත් වසරේ දී ත්‍යාගලාභීන් ලබා ගෙන නැති බව හෙළි වී ඇත.

ඒ අනුව ලොතරැයි පත් වර්ග පහකට අදාළ ත්‍යාග මෙලෙස ලබා ගෙන නොමැති බව අනාවරණය වී ඇත්තේ ජාතික විගණන කාර්යාලය කළ පරීක්ෂණයකින් බව සඳහන්.

එසේම එම මුදල් ඒකාබද්ධ අරමුදලට බැර කර නොමැති බව පවසන එම පරීක්ෂණ වාර්තාව ලොතරැයි මණ්ඩල පනත අනුව මාස හයක කාලයකින් පසු ලබා නොගන්නා එම ත්‍යාග රාජසන්තක කර ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු බවත් දක්වා ඇත.

ආදායම් ඉහළ යන අත මිට සරුවෙන අද දවස මේ ලග්නවලට සුබම සුබයි

ආදායම් ඉහළ යන අත මිට සරුවෙන අද දවස මේ ලග්නවලට සුබම සුබයි

ඒ අනුව අඳාළ මුදල් ඒකාබද්ධ අරමුදලට බැර නොකිරීම පිළිබඳව වන කරුණු ඇතුළත් රීති විශේෂ ගැසට් නිවේදනයකින් ඉකුත් එම වසරේ ජුනි මාසයේ දී ප්‍රකාශයට පත් කර ඇති බව මේ සම්බන්ධයෙන් විගණන කාර්යාලය කළ විමසුමට ප්‍රතිචාර වශයෙන් මණ්ඩලය දන්වා තිබෙනවා.

කෙසේ වෙතත් පනතේ විධිවිධාන ප්‍රකාරව සෑම දිනුම් ඇදීම්වලින් පසු මාස හයක් ඇතුළත ඉදිරිපත් නොවන ත්‍යාගලාභීන්ගේ ත්‍යාග මුදල් රාජසන්තක කර ඒකාබද්ධ අරමුදලට ලබා දිය යුතු බවට විගණන කාර්යාලය නිර්දේශ කර ඇති බව වාර්තා වේ.

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

රන් මිල අද හදිසි වෙනසක් - රන් ගන්න සුභ අවස්ථාවක්

රන් මිල අද හදිසි වෙනසක් - රන් ගන්න සුභ අවස්ථාවක්