ලංකාවට වන්දි ගෙවීම එක්ස්ප්‍රස් පර්ල් නෞකා සමාගම ප්‍රතික්ෂේප කරයි

Report

2021 දී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දිය ගෙවීම X-Press Feeders නෞකා සමාගම මඟින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

අදාළ සිංගප්පූරු නෞකා සමාගම වන X-Press Feeders අද AFP පුවත් සේවයට මේ සම්බන්ධව ප්‍රකාශ කර තිබූ බව සඳහන්.

ඒ අනුව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ෂෙමුවෙල් Shmuel Yoskovitz විසින් මෙම මුදල ගෙවීම ජාත්‍යන්තර නාවික කර්මාන්තයට පුළුල් බලපෑමක් ඇති කරනු ඇති බවත්, එමගින් “වැරදි පූර්වාදර්ශයක්” ඇති විය හැකි බවත් ප්‍රකාශ කළ බව වාර්තා වේ.

තෙල් ප්‍රශ්ණේ තවත් වැඩිවෙයි - මේ යනවිදිහට රත්තරන් දීලා තෙල් ගන්න වෙන්නේ

තෙල් ප්‍රශ්ණේ තවත් වැඩිවෙයි - මේ යනවිදිහට රත්තරන් දීලා තෙල් ගන්න වෙන්නේ

පසුගිය 2021 ජූනි මාසයේදී කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමකට ලක්වූ MV X-Press Pearl නෞකාව, සති දෙකක් පමණ ඇවිලී ගිය ගින්නකින් පසුව මුහුදුබත් වුණා.

අඳාළ ගින්න නයිට්‍රික් අම්ල කාන්දුවක් හේතුවෙන් ඇති වූවක් බවට විශ්වාස කෙරුණු අතර එහි භයානක භාණ්ඩ බහාලුම් 81ක් ද, අම්ල සහ lead ingots ද, ප්ලාස්ටික් පෙති ටොන් සිය ගණනක් ද අඩංගුව තිබුණා.

එමෙන්ම මෙම නෞකාව ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට පැමිණීමට පෙර, කාන්දු වන නයිට්‍රික් අම්ල ඉවත් කිරීම වෙනුවෙන් කටාර් සහ ඉන්දියානු වරායන්ගෙන් අවසර ඉල්ලූවද, එය ප්‍රතික්ෂේප කර තිබූ බව ද පවසයි.

කෙසේ වෙතත් නෞකාවෙන් මුහුදට මුසු වූ ක්ෂුද්‍ර ප්ලාස්ටික් කැබලි ටොන් ගණනක් මෙරට බටහිර වෙරළ තීරයේ කිලෝමීටර් 80ක් (සැතපුම් 50ක්) පුරා පැතිරී ගිය අතර එමගින් මාස ගණනාවක් පුරා ධීවර කටයුතු තහනම් කිරීමට ද සිදු වුණා.

එබැවින් ඉකුත් ජූලි මස 24 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් අදාළ නෞකා සමාගමට මෙම ගෙවීම කරන මෙන් නියෝග කර තිබූ බව සඳහන්. එහිදී අඳාළ වන්දි මුදල් භාණ්ඩාගාර ලේකම්වරයාට ගෙවිය යුතු බවට තීන්දුවේ සඳහන් වූ බව වාර්තා වේ.

ෆේස්බුක්, වට්ස්ඇප් භාවිතය කරන අයට මෙන්න හදිසි දැනුම්දීමක්

ෆේස්බුක්, වට්ස්ඇප් භාවිතය කරන අයට මෙන්න හදිසි දැනුම්දීමක්

මීට අමතරව මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම පිළිබඳව එවක විෂයභාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබූ බව සඳහන්.

ඒ අනුව එම ඛේදවාචකය තුළින් සිදුවූ හානිය වෙනුවෙන් කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මඟින් අඳාළ තීන්දුව ලබා දී තිබුණා.

අද රෑට රටම අදුරට? මධ්‍යම රාත්‍රියේ සිට විදුලිබල මණ්ඩලය දැඩි තීරණයක

අද රෑට රටම අදුරට? මධ්‍යම රාත්‍රියේ සිට විදුලිබල මණ්ඩලය දැඩි තීරණයක

ආදායම් ඉහළ යන අත මිට සරුවෙන අද දවස මේ ලග්නවලට සුබම සුබයි

ආදායම් ඉහළ යන අත මිට සරුවෙන අද දවස මේ ලග්නවලට සුබම සුබයි