විදුලිබල මණ්ඩල සේවකයින්ගේ නිවාඩු වහාම අවලංගු කෙරේ
By Shehan
වහාම ක්‍රියාත්මක වන පරිදි, නැවත දැනුම් දෙන තුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇත.
මෙය එහි සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව දැනුම් දී ඇත.
විදුලිබල සැපයීමට අදාළ සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින්, පසුගිය 21 වැනිදා ජනාධිපති නියමයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම ගැසට් නිවේදනයට අත්සන් තබා ඇත.
සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය බවත්, එම සේවාවන්ට බාධාවක් හෝ අවහිරයක් ඇතිවිය හැකි බවත් සලකා බලා මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.