බිහිසුණු මිනීමැරුමක්, සංක්‍රාන්තික කාන්තාවන් තුන් දෙනෙක් අමානුෂික විදිහට මහ පාරේ මරලා දාලා
පාකිස්තානයේ විශාලතම නගරය වන කරච්චි නගරාසන්නයේදී සංක්‍රාන්ති සමාජභාවීය කාන්තාවන් තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව එරට පොලීසිය සඳුදා දින වාර්තා කර ඇත.
ඒ අනුව මෙම ඝාතන ඔස්සේ රට පුරා එම ප්‍රජාව මුහුණ දෙන දැඩි අනාරක්ෂිතභාවය නැවත වරක් ඉස්මතු කර දැක්වීමට සමත් වී තිබෙනවා.
එසේම අඳාළ කාන්තාවන් තිදෙනාගේ මළ සිරුරු ඉරිදා දිනයේදී මාර්ගයක් අසළ තිබී සොයාගෙන ඇති බව සඳහන්.
මේ අතර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී ජාවෙඩ් අබ්රෝ විසින් ඔවුන් තිදෙනාටම ඉතා ආසන්නයේ සිට වෙඩි තබා ඇති බවත්, පසුව මළ සිරුරු ප්‍රාදේශීය සුසාන භූමියක මිහිදන් කළ බවත් කියා ඇත.
එසේම ඝාතනයට හේතුව මෙතෙක් හෙළි වී නැති අතර, ඝාතකයින් සොයා අත්අඩංගුවට ගැනීමට පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක බව ද ඔහු පවසයි. එමෙන්ම මෙම ඝාතන හෙළා දුටු සින්ද් පළාත් මහ ඇමති මුරාද් අලී ෂා, සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් නියෝග කර තිබෙනවා.
ඒ අනුව "සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින් යනු සමාජයේ පීඩිත කොටසකි," ලෙස ඔහු ප්‍රකාශ කළ අතර මෙම ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයින් නීතිය හමුවට පමුණුවන බවට ද ප්‍රතිඥා දී ඇත.
මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්තානයේ සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාව නිතරම අපයෝජනයට ලක්වන අතර, ඊනියා "ගෞරවය රැකගැනීමේ ඝාතන" වශයෙන් හැඳින්වෙන, ලිංගික අපගමනයන් ලෙස සලකන ක්‍රියාවලට ඥාතීන් විසින් සිදුකරන මනුෂ්‍ය ඝාතනවලට ද ඔවුන් ගොදුරු වන බව සඳහන්.
කෙසේ වෙතත් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින් තෙවන ලිංගිකත්වය ලෙස පිළිගෙන ඔවුන්ට නෛතික ආරක්ෂාව ලබාදී තිබුණ ද, සමාජයේ ඔවුන්ට විරුද්ධව වෙනස් කොට සැලකීම් තවමත් බහුලව පවතින බව පෙනේ.
එසේම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා 2018 වසරේදී පාකිස්තාන පාර්ලිමේන්තුව නීතියක් සම්මත කළ ද, සමාජ අපකීර්තිය සහ ප්‍රචණ්ඩත්වය තවමත් පහව ගොස් නොමැති බව ක්‍රියාකාරීහු දක්වයි.
එමෙන්ම මළ සිරුරු මරණ පරීක්ෂණයට රැගෙන ගිය කරච්චි නුවර රජයේ ජින්නා රෝහල ඉදිරිපිට සංක්‍රාන්ති සමාජභාවීය ප්‍රජාවේ සාමාජිකයින් ඉරිදා දින විරෝධතාවක් පවත්වා තිබෙනවා. එහිදී ඝාතකයින් නීතිය හමුවට නොපැමිණවුවහොත් දීපව්‍යාප්ත විරෝධතා මාලාවක් දියත් කරන බවට ඔවුහු අනතුරු අඟවා ඇත.
මේ අතර සංක්‍රාන්ති සමාජභාවීය අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන බින්දියා රානා සඳුදා ප්‍රකාශ කළේ තම ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩත්වය "අලුත් දෙයක් නොවන අතර එය අප සමාජය තුළ ගැඹුරට මුල් බැස ඇති" බවක්. එසේම ඇය තවදුරටත් පැවසුවේ ඝාතකයින් හඳුනාගැනීමට පොලීසිය අපොහොසත් වුවහොත් රටපුරා විරෝධතාවක් ප්‍රකාශයට පත් කරන බවයි.
තවද "ජෙන්ඩර් ඉන්ටරැක්ටිව් එලායන්ස්" නම් දේශීය හිමිකම් කණ්ඩායම, ඝාතනයට ලක්වූවන් සිඟමන් යැදීමෙන් ජීවිකාව ගෙන ගිය කරච්චි නුවර පදිංචිකරුවන් වශයෙන් හඳුනාගෙන ඇත. මේ අතර මීට දින දෙකකට පෙර කරච්චියේ "සී වීව්" වෙරළ තීරයේදී තවත් සංක්‍රාන්ති සමාජභාවීය කාන්තාවකට පිහියකින් පහර දී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද එම සංවිධානය අවධානය යොමු කර තිබුණා.
අඳාළ සංවිධානයට අනුව, "මෙම අනුප්‍රාප්තික ඛේදවාචක මගින් පෙන්නුම් කරන්නේ මෙම ප්‍රජාව ක්‍රමානුකූලව ඉලක්ක කර ඇති බවයි. මෙය හුදෙක් පුද්ගල ඝාතන පිළිබඳ කාරණයක් පමණක් නොව, සමස්ත ප්‍රජාවක්ම භීතියට පත්කර නිහඬ කිරීමට දරන උත්සාහයකි." එනිසා ඝාතකයින් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙසත්, සංක්‍රාන්ති සමාජභාවීය පුද්ගලයින්ට විශේෂිත ආරක්ෂක ඒකකයක් ස්ථාපිත කරන ලෙසත්, සිවිල් සමාජයෙන් වැඩි සහයෝගයක් ලබාදෙන ලෙසත් එම සංවිධානය ඉල්ලා සිටින බව වාර්තා වේ.