අද මේ වෙලාවෙන් පස්සේ මේ ප්‍රදේශවල අය ප්‍රවේශමෙන්, නිවේදනයක්

Report

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වෙන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

එසේම ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව පවසයි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇති වෙන බව වාර්තා වේ.

කෙසේ වෙතත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ආදායම් ඉහළ යන අත මිට සරුවෙන අද දවස මේ ලග්නවලට සුබම සුබයි

ආදායම් ඉහළ යන අත මිට සරුවෙන අද දවස මේ ලග්නවලට සුබම සුබයි

තෙල් ප්‍රශ්ණේ තවත් වැඩිවෙයි - මේ යනවිදිහට රත්තරන් දීලා තෙල් ගන්න වෙන්නේ

තෙල් ප්‍රශ්ණේ තවත් වැඩිවෙයි - මේ යනවිදිහට රත්තරන් දීලා තෙල් ගන්න වෙන්නේ

රාගසා සුළි කුණාටුව රටම හොල්ලයි - රාජ්‍ය ආයතන හා පාසල් වහන්න නියෝග

රාගසා සුළි කුණාටුව රටම හොල්ලයි - රාජ්‍ය ආයතන හා පාසල් වහන්න නියෝග