තංගල්ලේ මත්ද්‍රව්‍ය පටවා තිබූ ලොරියේ හිමිකරු අත්අඩංගුවට
By Shehan
තංගල්ලේ මත්ද්‍රව්‍ය පටවා තිබූ ලොරි රථයේ හිමිකරු බවට පැවසෙන 25 හැවිරිදි තරුණයෙකු අද (23) උදෑසන ඇල්පිටිය, වල්ඹගල ප්‍රදේශයේදී සැකපිට ප්‍රශ්න කිරීම සඳහා ඇල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලීසිය පවසන පරිදි, මෙම සැකකාර තරුණයා ඇල්පිටිය, වල්ඹගල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර, මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවෙකි. ඔහුගේ නමට ලොරි රථයක් ලියාපදිංචි වී තිබුණද, ඔහුගේ නිවසේ පාපැදියක්වත් නොමැති බව පොලීසිය සඳහන් කරයි.
ප්‍රශ්න කිරීම්වලදී සැකකරු හෙළි කර ඇත්තේ, විදේශයකින් ලැබුණු දුරකථන ඇමතුමකට අනුව, මත්ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියදී කොළඹට ගොස් යම් ලියවිල්ලකට අත්සන් කළ බවත්, තමා සතුව ලොරි රථයක් නොමැති බවත්ය.
සැකකරු ඊයේ (22) දහවල් තංගල්ල පොලීසිය වෙත භාර දීමට නියමිතව තිබුණි. මේ සම්බන්ධයෙන් ඇල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.